විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (25) මහනුවර දී මල්වතු මහා විහාරයේ මහනායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී විජය ධම්ම ස්වාමීන්ද්‍රයානන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේලාගේ සුවදුක් විමසා තමාගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ආශිර්වාද ගැනීම සිදු විය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා විසින් මෙතෙක් සිදු කළ මෙන් ම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂිත ශාසනික සේවාවන් පිළිබඳව ද උන්වහන්සේ දැනුවත් කරන ලදී. එසේ ම ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විදුලිය විසන්ධි කළ අවස්ථාවේ පවා තමන් දානපතියන් සම්බන්ධ කළ උපකාර කළ බවත් ඉදිරියටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ හැකි උපරිම යුතුකම් තමා විසින් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මල්වතු පාර්ශ්වයේ නායක ස්වාමීන් වහන්සේලා හමුවේ පැවසීය.
මෙහි දී මල්වතු මහා විහාරයේ මහනායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී විජය ධම්ම ස්වාමීන්ද්‍රයානන් වහන්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක වේවා යනුවෙන් ආශිර්වාද කිරීම ද සිදු විය.