විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දෙසතියකට ආසන්න කාලයක් මුළුල්ලේ ගතකළේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයකය.

“සමගි ජන බලවේගයේ හුස්මක්” සහ “සක්වල” යන සමාජ සත්කාරක වැඩසටහන් ද රැගෙන විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කළ අතර ඒ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.

සක්වල වැඩසටහන හරහා පාසල් කිහිපයකටම සුහුරු පන්ති කාමරයකට අවශ්‍ය නවීන පරිගණක සහ ඩිජිටල් පරිගණක පුවරු ලබාදීමට සජිත් කටයුතු කළේය.

සමගි ජන බලවේගයේ හුස්මක් වැඩසටහන හරහා රෝහල් කිහිපයකටම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කළ සජිත් උතුරු නැගෙනහිර පළාත් දෙක ආවරණය වන ලෙස විවිධ වැඩසටහන්වලට එක්විය.

සංචාරය පුරාම සජිත්ට දැක ගන්නට හැකි වූයේ ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන විවිධ මුහුණ දෙන විවිධාකාර ගැටලු පිළිබඳවය.

සජිත් සිය උතුරු නැගෙනහිර සංචාරය ආරම්භ කළේ ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයට පරිගණක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කරමිනි.එතැන් සිට ඔහු පසුගිය දොළොස් වන දා තෙක් උතුරේ සංචාරය නිරත විය.

එදා මෙදාතුර විපක්ෂ නායකයෙකු වැඩිම කාලයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කළ පළමු වතාව මෙය වන අතර ප්‍රදේශයේ ජනතාවගෙන් විපක්ෂ නායකවරයාට ලැබුණේ විශාල දිරිගන්වන සුළු ප්‍රතිචාරයකි.

” මීට කලින් එක එක නායකයෝ එනවා, පොරොන්දු වෙනවා, යනවා.සමහර නායකයෝ අපි ඒ අයට අයිති නෑ වගේ සලකලා අපිව පැත්තකට කරලා තියෙනවා.බලය නැතිව තියෙද්දිත් ඔබතුමා මේ විදිහට ඇවිල්ලා පුළුවන් විදිහට යමක් කරන එක ගැන අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා “

එම විදුහලේ දෙමව්පියන් පිරිසක් සජිත්ට කීවේය.

“අපි මේ ජීවත් වෙච්ච කාලේ කිසි දවසක විපක්ෂ නායකවරයෙක් මේ විදිහට පාසැල් වලටවත් හොස්පිටල් වලටවත් උදව් කරනවා අපි දැකලා නෑ.”

බොහෝ දෙනා කීවේ එවැනි කතා ය.

“දේශපාලකයෝ දේශපාලනය කරන බව ඇත්ත. හැබැයි අපි ඊට වඩා වෙනස් වෙන්නේ දේශපාලනයට වඩා අපි කරන්නේ දේශ සේවය. මිනිස්සුන්ට අපි පුළුවන් විදිහට යමක් කරන්න ඕන.අපේ වැඩපිළිවෙලේ අරමුණ තමයි රටට අගයක් එකතු කිරීම”

සජිත් උත්තර දුන්නේය.

විශේෂයෙන්ම ප්‍රදේශයේ සර්වාගමික ස්ථානවලට ගොස් ආශිර්වාද ලබා ගැනීමට ද අමතක නොකළ විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර සමගි ජන බලවේගය සංවිධායකවරුන් විසින් සංවිධානය කරනු ලැබූ ජනහමු කිහිපයකටම ද එක් විය.