අද රටේ සුබ තත්වයක් නෙමෙයි තියෙන්නේ ඉතාමත් කණගාටුදායක වාතාවරණයකට අපිට මුහුණ දෙන්න සිදු වෙලා. අද දිනයේ වන විට මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත පෝලිම්වල ගත වෙන අවස්ථාවක්. දවල් දවස වගේම රාත්‍රිය පහන් කරන්නේ පෝලිම්වල. බත් ටික කන්නේ , නිදාගන්නනේ , වැසිකිළි කැසිකිළි පහසුකම් කරන්න වෙලා තියෙන්නේ පෝලිම් වල. තමන්ගේ පාසල් යන අධ්‍යාපනය කරන දරුවන් පාසලට ගෙනියන්න විදිහක් නෑ මොකද තාත්තා තෙල් පෝලිමේ. අම්මා ගෑස් පෝලිමේ පවුලේ අනිත් උදවිය හාල් පෝලිම් වල.
මේ තත්ත්වයට අද රට පත් වෙලා තියෙනකොට ජීවිත 11ක් පෝලිම් වල ජීවිත පරිත්‍යාග කර තියෙනවා. හේතුව පෝලිමේ ඉන්නකොට වෙලාවට බෙහෙත් ටික ලැබෙන්නේ නෑ ,වයෝවෘද්ධ පුද්ගලයන්ට හරි ආහාර වේලක් ලැබෙන්නේ නෑ අව්වට වැස්සට තෙමෙනවා නිදාගන්න විදිහක් නෑ මානසික ආතතියකින් දැඩි පීඩනයකින් ඉන්නේ. ඒ අය තමන්ගේ ඇඟේ තියෙන රෝග ශරීර සෞඛ්‍ය ගැන හිතන්නේ නැතිව දරුවන්ට කන්න දෙන්න ගෑස් ටිකක් ගන්න තෙල් ටිකක් ගන්න පෝලිමේ ඉන්නවා.

මේ තත්ත්වය පිළිබඳව අපි වසර දෙකක් තිස්සේ මේ ආණ්ඩුවට කියද්දී අපිට උසුළු විසිළු කළා .දැන් ආණ්ඩුව කියනවා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න පුළුවන් කියලා .හැබැයි අපි අහනවා දැන්වත් කියන්න රටට මොකක්ද සැලැස්ම කියලා. මේ රටේ ජනතාව තවදුරටත් පෝලිම්වල තියන්නේ නැති සැලැස්ම ජනතාවට කියන්න. ඒ වගේම මේ ආණ්ඩුව දැන් මොකක්ද කියන්නේ අන්තිම ඉන්දියානු තෙල් නැවත් ආවා එනවා කියන එකයි ඩොලර් මිලියන 500ක තෙල් ලබා ගැනීමට සාකච්ඡා කරනවා කියනවා. ඔබ දන්නව මේ රටේ තෙල් පරිභෝජනය සඳහා ඩොලර් මිලියන පන්සීයක් මාසයකට වැය වෙනවා .වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මාස 4කට ඩොලර් මිලියන 500ක තෙල් ගන්න උත්සාහ කර කියනවා සහන පදනම යටතේ ඉන්දියාවෙන් ගන්න උත්සාහ කරනවා කියලා කියනවා එතකොට මාස හතරකට තෙල් ගත්තා කියන්නේ නැවත වතාවක් මේ පෝලිමේ මේ විදියට තියෙනවා කියන එකයි. මොකද මාසෙකට ඩොලර් මිලියන 500මාස හතරකට නම් ගන්නේ දැන් නොරොච්චෝලේ කඩාගෙන වැටිලා හදපු දවසේ ඉදන් ඒක කැඩෙනවා මාස දෙකකට ආසන්න කාලයක් නොරොච්චෝලේ නැවත වතාවක් යථා තත්ත්වයට පත් කරන්න යන බව මාධ්‍ය හෙළි කරනවා එහිදී මෙගා වොට් විශාල ප්‍රමාණයක් අපේ ජාතික විදුලි පද්ධතියට අහිමි වෙනවා .විදුලිය අහිමි වෙනකොට මෙගාවොට් 300 ක් ඒක අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ තාප විදුලි බලාගාර වලින්. එයට ඩීසල් අවශ්‍ය වෙනවා නැප්තා අවශ්‍ය වෙනවා එතකොට කොහොමද මේගොල්ලෝ මේ ඩොලර් මිලියන 500 ඩීසල් තාප බලාගාර වලටත් තෙල් දීලා මේ පාරේ යන වාහන වලට තෙල් ටික දෙන්නේ. මේ වෙනකොට මිලියන 1.5ක ත්‍රී රෝද රථ රියදුරන් පෝලිම් වල. ඒ අහිංසක මිනිසුන්ගේ දරුවෝ කන්න බොන්නේ කොහොමද කියලා ආණ්ඩුවට වගේ වගක් නෑ ආණ්ඩුවට තවමත් ඒ ගැන සැලැස්මක් නෑ .

ජනාධිපතිතුමාට තියෙන ප්‍රශ්නය තමයි අසමත් වෙලා ගෙදර යන්න බෑ කියන එක එතකොට සමත්වෙන්න ජනාධිපතිතුමා කරන්නේ අලුත් අගමැති කෙනෙක් පත් කරගෙන අලුත් කැබිනට් මණ්ඩලයක් කියලා මෙහෙනුත් එයා අසමත් කියපු දෙන්නෙක් සම්බන්ධ කරගත්ත එක .දැන් ව්‍යාපාරිකයෙකුත් ගත්තා හැබැයි වෙච්ච දෙයක් නෑ එන්න එන්න පෝලිම වැඩි ඉස්සර පෝලිම් එකයි තිබුණේ දැන් පෝලිම් තුනක් එක පැත්තක. තවත් පැත්තක තවත් පෝලිමක් පෝලිමක් හැදිලා මම අහන්නේ තව ජීවිත කීයක් බිලි ගන්න ඕනෙද මෙය අසමත් ආණ්ඩුව සමත් වෙන්න මම දකින්නේ අපි යථාර්ථය තේරුම් ගත යුතුයි.

අපි තාමත් අන්තිම අඩියට කකුල තියලා නැහැ .හැබැයි අපි තව සති දෙකක් විතර යනකොට අන්තිම අඩියට කකුල තියෙනවා. හැබැයි අපි ශ්‍රී ලාංකික ජාතියක් හැටියට එකමුතු විය යුතුයි .අපි ශ්‍රී ලාංකීය ජාතියක් විදියට නැගිටිය යුතුයි.

මේ අමනෝඥ තීන්දු තීරණ නිසා අපේ රට දුප්පත් රටක් හිඟාකන රටක් බවට පත්වෙලා. එහෙමනම් මේ රට ගොඩ ගැනීම සඳහා මොකක්ද කළ යුත්තේ අපි එකතු විය යුතුයි.
මේ ආණ්ඩුව බලයට ආවේ ජාතිවාදය ආගම්වාදය ඉස්සරහට දාලා ඒ සියල්ලම දැන් අමතක කරලා රට ගැන හිතලා අපි ගැන හිතලා කටයුතු කරන්න සිදුවෙනවා මොකද මේ ආණ්ඩුව අපිව බලා ගන්නේ නැහැ කියන එක පැහැදිලියි මේ ආණ්ඩුව අපේ බඩගින්න ගැන හිතන්නේ නැහැ ආණ්ඩුව අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ දෙන්නෙ නෑ අපිට අවශ්‍ය ඖෂධ ටික දෙන්නෙ නෑ පොදු ප්‍රවාහනය ලබාදෙන්නේ නෑ කියන එක පැහැදිලියි එසේනම් ආහාර හිඟයක් එනවා කියන එක අපිට තොරතුරු වාර්තා වෙනවා ඒ වගේම මේ රටේ පැහැදිලිවම තව සතියක් දෙකක් යනකොට තියෙන ඉන්ධන ටිකත් ඉවරයි එහෙම තත්වයක් තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕන දැන් අපි මෙතනින් එහාට වැටෙනවා ද නැද්ද කියන එක. මගේ මතය අපි ජාතියක් හැටියට රටට ආදරය කරන පිරිසක් හැටියට මේ මොහොතේ ගහ මරාගෙන විසඳන්න බැහැ. අපි දකිනවා මේ පීඩනය තුළ දින ගණන් අවුවේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි ඉන්න මේ රටේ ජනතාව තෙල් පෝලිමේ ගහගන්නවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ ශ්‍රී ලාංකීය ජනතාව විදිහට කියන්නේ මේ රටේ අහිංසක ජනතාව නෙමෙයි මේ රට මේ තත්ත්වයට පත්කෙරේ මේ තත්ත්වයට පත් කළේ වර්තමාන පාලකයෝ වන රාජපක්ෂවරුන් සහ ආරක්ෂා කරන පිරිස .ඒ නිසා කියනවා අපේ රටේ අහිංසක ශ්‍රී ලාංකීය ජනතාවට තෙල් පෝලිම් වල ගහ ගන්න එපා ගෑස් පෝලිමේ ගහ ගන්න එපා හාල් පෝලිමේ ගහ ගන්න එපා ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ එක්කෙනෙකුට පිහියෙන් ඇනලා තියෙනවා ඒ තත්ත්වයට අපි පත් වෙන්න ඕන නෑ රටක් හැටියට අපි බලමු අපේ මට්ටමින් මොනවද කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් නම් අපි යන එන ගමන් බිමන් අඩු කරන්න ගමේ පුලුවන්නම් මොකක් හරි අරගෙන අවශ්‍ය ආහාර සුරක්ෂිතභාවය ගොඩනඟා ගන්න ගමක් හැටියට එකතුවෙලා ආරාධනා කරනවා පල්ලි පන්සල් වල ඉන්න පූජකවරුන්ට ඔබවහන්සේලාගේ ආගමික නායකත්වය තුළ මේ රටේ ජනතාවට ලොකු ගෞරවයක් තියෙනවා කරුණාකරලා ගමේ පන්සලේ දේවස්ථානය කතෝලික හෝ වේවා හින්දු හෝ මේවා මුස්ලිම් හෝ වේවා ඒ ප්‍රදේශයේ ජනතාව එකතු කරලා යම් වගා සංග්‍රාමයක් සත්ව ගොවිපලක් යම් ආකාරයෙන් ජනතාව ජීවත් කරවන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාම එකතුවෙම කියන ඉල්ලීම කරනවා

මෙය ආණ්ඩුව අපිව අතෑරලා ඉවරයි දූෂිතභාවය නිසා ලෝකය අපිව අතහැරලා ඉවරයි අපි තනි වෙලා ඉවරයි මේ ආණ්ඩුව මර්දනය කරන්න ගියෙ කොහොමද ඒ විදිහටම ආර්ථිකයක් ගොඩ ගන්න ගියේ කොහොමද කියන එක පැහැදිලියි අද තියෙන එක ලොකුම ප්‍රශ්නය මේ රට මේ තත්වයට පත් කරන්න කටයුතු කරපු කබ්රාල්ලා කොහොමද හිරේ ඉන්නේ නැතුව සුර සැප විඳින්න කියන ප්‍රශ්නය තියෙනවා ඔවුන් දැනගෙන හිටියා රටේ ඩොලර් සංචිත අඩුවනවා කියලා එහෙම දැනගෙන තියෙද්දි සංචිත විකුණද්දි අජිත් නිවාඩ් කබ්රාල් මොකද කළේ තමුන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික හෙන්චයියන්ට සහචරයන්ට ඩොලර් මිලියන 500 ක් ගෙව්වා මේක තමයි ඇත්ත එහෙම නම් අද මේ රට මේ තත්වයට පත් කරමු ආර්ථික ඝාතකයෝ සුර සැප විඳිමින් මන්දිරවල ඉන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් .ආණ්ඩුව මේ රට මේ තත්වයට පත් කළේ තමුන්ගෙන් දේශපාලන වාසි සඳහා තමුන්ට මුදල් ලබා දුන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ට අවශ්‍ය කරන මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා වැට් බදු අඩු කරල මේ රටේ අහිංසක මිනිස්සුන්ට ලැබෙන්න තිබුණු රාජ්‍ය ආදායම සියයට පනහකින් අඩු කරල රුපියල් බිලියන 2000 ක අයවැය ආදායම බිලියන 1000ට අඩු කරල මේ රටේ ජනතාවට මූල්‍ය අර්බුදයකට යන්න සැරසෙමින් ආණ්ඩුවේ හෙන්චයියන් ව්‍යාපාරිකයන් හා ආරක්ෂා කරන්න අවුරුදු දෙකක් මේ අය බදු සහන මත ජීවත් වුණා තමුන්ගේ ආදායම වැඩි කර ගත්තා මේ රටේ ජනතාව බඩගින්නේ මැරෙනවා කියලා හැඟීමක් තියෙන රජයක් නම් මේ රටේ කන්න දෙන්න නැතුව මවුපියෝ දරුවන් වැව්වලට ගංගා වලට දිය ඇලි වලට තල්ලු කරන යුගයක් බවට පත්වෙලා තියෙන අවස්ථාවේ ආණ්ඩුවට හෘදසාක්ෂියක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් ජනතාව ගැන කැක්කුමක් තියෙනවා නං අපි කියනවා ඔය බදුවලින් බිලියන ගණනක් ලාභ ලබමු ආයතනවල ව්‍යාපාරිකයන්ට ඒ ලාභයෙන් කොටසක් හෝ ආණ්ඩුවට ගෙවන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා ලංකාව තුළ ඩොලර් ,රුපියල් නැති තත්ත්වයට පත්වෙලා සමගි ජන බලවේගය විදියට පැහැදිලිව කියනවා අපි සූදානම් රටේ වගකීම බාරගන්න හැබැයි මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා එක්ක ලෝකයේ කිසිම රටක් ගණුදෙනු කරන්න සූදානම් නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යන්න අපි රට බාර ගන්නවා එතකොට රටට උදව් කරන්න ඉන්න ලෝකයේ අනෙකුත් රටවල් පෙළ ගැහිලා ඉන්නේ පැහැදිලිව කියනවා අපි සූදානම් රට බාරගන්න මේ රට තනියම ගොඩ දාන්න බෑ ලෝකේ අනිත් රටවල් එක්ක එකතු වෙලා තමයි ගොඩ දාන්න වෙන්නේ ඒ පුළුවන්කම තියෙන්නේ හොරකම වංචාව දූෂණය අක්‍රමිකතාව අවභාවිතය නැති රජයකට සහ පක්ෂයකට පමණයි ඒ පිළිගැනීම තියෙන්නේ අද සමගි ජන බලවේගය විතරයි.