විදුලිය කප්පාදු නොකරන ලෙසත් විදුලිය විසන්ධි කිරීම නිතර නිතර සිදු කලහොත් රටේ ජනතාව රට අතහැර යන තත්ත්වයක් උදා විය හැකි බවත් එවැනි තත්වයක් ඇති නොකරන මෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ආණ්ඩුවේන් ඉල්ලා සිටියේය .

මෙසේ කියා සිටියේ අද(12) විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .

වැඩි දුරටත් පැවසූ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා,

“මේ ආණ්ඩුව බලය ගන්න කලිනුත් රටේ ජනතාව රැවැට්ටුවා බලය ලබා ගෙනත් අවුරුදු දෙක හමාරක් වෙනවා තවමත් ජනතාව රවට්ටනවා. ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව කිව්වා අපි 2022 වෙනකොට ඉන්දියාවටත් විදුලිය ලබා දෙනවා කියලා. දැන් ආණ්ඩුව අවසර ගන්නවා විදුලිය කපන්න .අපේ ගෙදර විදුලිය කපන්න වෙන කවුරුත් අවසර දීලා හරියන්නේ නැහැ එය බරපතළ කාරණාවක් කරුණාකරලා විදුලිය කපන එක නතර කරන්න.

ඒ වගේම අද රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි රටක් බවට මේ ආණ්ඩුව පත් කරලා ජනතාවට රටින් පැනලා යන තත්ත්වයට පත් කරන්න එපා. විදුලිය කියන්නේ සාමාන්‍ය දෙයක් සුපෝකබෝගී දෙයක් නෙමෙයි එය අයිතිවාසිකමක් ඒකත් නැති කරන්න කරන්න ආණ්ඩුව පටන් අරගෙන එයට හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි.ආර්ථික අර්බුදයයි.දැන් ඇමතිවරු බයිලා කතා කියනවා අපි දැක්කා ඇමතිවරයා කියනවා විදුලිය කපන්නේ නැහැ කියලා හැබැයි සාමාන්‍යධිකාරි තුමා කියනවා විදුලිය කපනවා කියලා.

ඒ මොනවා වුනත් ඊයේ උදේ SMS එකක් එනවා අද දවස තුළ විදුලිය කපන්නේ නැහැ කියලා. හැන්දෑවේ SMS එකක් එනවා මේ වෙනකොට රටේ ගොඩක් තැන්වල විදුලිය කපා හැර තියෙනවා කියලා එය කලින් දැනුම් දීමකින් තොරවයි මෙයට හේතුව ගස් කඩන් වැටිලා විශාල සුළං ඇවිත් හෝ වෙනත් කාරණාවක් නිසා කිව්වත් එහෙම දෙයක් නෙමෙයි පැහැදිලිවම සැලසුම් සහගතව ආර්ථික අර්බුදය නිසා සූක්ෂම අන්දමින් විදුලිය කප්පාදු කරන්න පටන් අරගෙන තියෙනවා.

ජනාධිපතිතුමා කිව්වා ජනතාවට දැනෙන් නැති වෙන්න විදුලිය කපන්න කියලා ඒ විදියට අදත් රටේ තැනින් තැන යම් යම් වෙලාවල් වලට ඇඟට තේරෙන්නෙ නැතුව විදුලිය කපනවා . සියළු ජනතාවට දැනෙන් නැහැ නමුත් කපන මිනිහට දැනෙනවා.

ඇමතිවරුන්ට රජයෙන් ලබා දීපු හැම නිවසකම ජෙනරේටරයක් තියෙනවා අමාත්‍යාංශවල ජෙනරේටර් තියෙනවා මහා ලොකු කොම්පැනි වල ජෙනලේටර් තියෙනවා. නමුත් සාමාන්‍ය පුද්ගලයින්ගේ ගෙවල්වල එය නැහැ . සාමාන්‍ය පුද්ගලයින්ගේ ව්‍යාපාරික ස්ථානවලට ජෙනලේටර් නැහැ එහිදී ඔවුන් අපහසුතාවයකට පත්වෙනවා වගේම පාඩුවක් විඳින්නත් සිදුවෙනවා යැයි රාජකරුණා මහතා පැවසීය .”