අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව මෙම අනුමැතිය ලබා දී තිබේ.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේ සිදුවන අත්තඩංගුවට ගැනීම් සම්බන්ධව ලොව ප්‍රභලතව මානව හිමිකම් හා ජාත්‍යන්තර සංවිධාන විශේෂ නිවේදන නිකුත් කොට තිබෙන්නේ අදාළ ක්‍රියාකාරකම් පිළිබඳව අනතුරු අඟවමිනි.

balavegaya 03 1
balavegaya 02 1
balavegaya 01 2