මෙරටට ගෙවීමට තිබෙන සම්පූර්ණ විදේශීය ණය මුදල US ඩොලර් බිලියන 27ක් වන අතර එයින් ඩොලර් 13ක් ස්වයිරි බැඳුම්කර හෙවත් විදේශීය පුද්ගලික ණය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මේ වන තෙක් කටයුතු කලත් තවමත් වත්මන් රජය එම මුදල ගෙවීම කල්දමා ගැනීමක් හෝ ණය පොලී මුදල අඩුකර ගැනීමක් හෝ ණය මුදල අඩු කරගැනීමක් හෝ සිදුකර නොමැති බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

එතුමා පවසන්නේ ජාත්‍යන්තර ස්වයිරි බැඳුම්කර හිමියන් සමඟ මේ වන තෙක් කිසිඳු නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙන බවත් බොරු කියමින්, පුරසාරම් දොඩවමින් ජනතාව රැවටීමට පමණක් වත්මන් රජය කටයුතු කරන බවයි.