රාජපක්ෂලා යන දවසට, මිනිස්සු එකතුවෙලා රාජපක්ෂලා එලවන දවසට ආණ්ඩු බලය ලබාගැනීමට අපි සූදානම්

ආණ්ඩු බලය ලබාගෙන රට ගොඩ දැමීමට සාධනීය වැඩපිළිවෙලක්, ප‍්‍රතිසංවිධානාත්මක වැඩපිළිවෙලක් අපි සතුයි

ජනතාව යන්න කියා කියද්දී බලයෙන් නොයන රාජපක්ෂලා දුටු විට ලැජ්ජා නැති කම අගමැතිකමට, ජනාධිපතිකමට වඩා ලොකු බව පෙනී යන බවත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා ඉල්ලා අස්වන දවසට, ජනතාව එක්ව රාජපක්ෂලා ගෙදර යවන දවසට ආණ්ඩුව ලබාගැනීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීවේය.

තරුණයා දේශපාලනයෙන් අයින් වෙලා හිටියා. දේශපාලනය වැඩක් නෑ, අපි හම්බකළොත් අපි කනවා කියලා ජනතාව කියමින් සිටියා. මේ වන විට ඇතිවී තිබෙන ජන අරගලය හරහා දේශපාලනය සියලුම මිනිසුන්ගේ ජීවිතවලට බැදී තිබෙන, දේශපාලන සාක්ෂරතාවය සහ දේශපාලන තීන්දු ගැනීමේදී හරි අවභෝධයක් ලබාගැනීමට දැන් ඇතිවී තිබෙන තත්වය හේතුවී තිබෙනවා.

නඩු තිබෙන බව දැන දැන, හොරෙක් කියලා දැන දැන, ආණ්ඩුවේ සල්ලිවලින් අම්මා, තාත්තාගේ සොහොන හැදුවා කියලා දැන දැනම ඡුන්දය ලබාදුන් හැට නම ලක්ෂයක් ජනතාව මේක අපේ වරදක් බව තේරුම් අරගෙන තියෙනවා. හැට නම ලක්ෂයක් ජනතාවට ගෝඨාභය රාජපක්ෂ යනු වැඩ බැරි පුද්ගලයෙක්ය, කවුරු ජාතිවාදය දාලා ඉදිරියට ගෙනාවත් රට හදන්න බෑ කියලා හැට නම ලක්ෂයක ජනතාව ඔප්පු කරලා පෙන්නුවා.

දැන් මේ ජනතාව සියලුදෙනාම පාරට බැහැලා ඉන්නවා. මේ ජනතාව රාජපක්ෂලා ගෙදර යන්න, හොරකම් කරපු සල්ලි දෙන්න කියලා තමයි කියන්නේ. ගෙදර ගිනි ගන්නකොට මුලින්ම කරන්න ඔ්න ගෙයින් එළියට බහින එක. දෙවැනියට කරන්න ඔ්න මොකක්ද කියලා ඊලගට කල්පනා කරමු. එහෙනම් මේ අය එලවල එකට හැමෝම එකතුවෙලා වැඩ කරන්න ඔ්න.

අගමැතිවරයා ඊයේ ජාතිය අමතමින්, දැන් ඇතිවෙමින් තිබෙන විරෝධතා පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ කියලා කියනවා. ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා නෙමයි, ලැජ්ජ නැතිකම ජනාධිපතිකම, අගමැතිකමටත් වඩා ලොකුයි කියලා තමයි දැන් කියන්න වෙන්නේ. මෙච්චර මිනිස්සු හොරා කියනවානම්, මයිනා කියනවානම්, පිස්සා කියනවානම්, මේ රටෙන් හොරකම් කළා කියලා කියනවා නම් හොරකම් කරපු සල්ලි දීලා පල කියලා කියනකොට ඒවා ඇහෙන්නේ නැතිනම් ලැජ්ජා නැතිකම, ජනාධිපතිකම, අගමැතිකමට වඩා ලොකුයි කියලා කියන එක සාධාරණයි.

අගමැතිවරයා ජාතිය අමතමින්, නැවත වරක් යුද්ධය මාකට් කරලා, රණවිරුවන් ඉදිරියට දාලා නැවත වරක් ආරක්ෂා වෙන්න උත්සාහ ගන්නවා. ඒත් දැන් ජනතාව දැනුවත්. ජනතාව බුද්ධිමත්

තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ කියලා අගමැතිවරයා කියනවා. පසුගිය දවස්වල කුණු නැව්වලට සල්ලි ගෙව්වේ මොන සල්ලිවලින්ද? තමන්ගේ යාළු මිත‍්‍රයින්ගේ ෙසෙවරීත්ව බැදුම්කරවලට ඩොලර් මිලියන පන්සියක් ගෙවලා, දැන් පිටරටින් ඩොලර් එවන්න කියලා කියන්නේ මොන ලැජ්ජා නැති කමක් නිසාද?

අපිට මන්ත‍්‍රීූධර පනස් අටයි ලැබුණේ. අපේ පනස් අටට මේක අරගන්න කියලා කියනවා. හැබැයි මන්ත‍්‍රීධූර එකසිය පනස් හතක් පත් කළේ මේ රටේ ජනතාව. අපි මන්ත‍්‍රීවරු පනස් අට දෙනෙක් එක්ක අපි සටන් කරනවා. ගෝඨාභය රාජපක්ෂලා හරි යන්නේ නෑ කියලා කිව්වේ මීට කලින්. ගෝඨා ගෝ හෝම් කියලා දැන් ජනතාව කියනවා. ඒත් අපි මීට කලින් මේ බව කිව්වා. ජනතාව අද මේ අරගලයට සම්බන්ධවීම ගැන, දේශපාලනිකව පැවති නිර්වින්දනභාවය නැති කරගෙන, දේශපාලනිකව සවිඥාණික වීම ගැන අපි සතුටු වෙනවා. අපි පාරවල් හැදුවේ, අධිවේගී මාර්ග හැදුවේ පෝලිම් වල තියන්න නෙමෙයි කියනවා. අධිවේගී මාර්ග හැදුවේ, නෙළුම් කුළුණු හැදුවේ කොමිස් ගහන්න කියලා අපි දන්නවා කියලා අගමැතිවරයාට කියන්න ඔ්න

අරගල හරහා 88-89 කාලයේ වුනා වගේ දෙයක් වෙයි කියලා අගමැතිවරයා කියනවා. අපිට ඒ අතීතය මතකයි. ඒ ගැන අපි කියවලා තියෙනවා. මිරිහානේදී ඇවිත් බස් ගිනි තිබ්බේ, පොලු මුගුරු රැුගත් ජනතාව එතැනට එව්වේ, එතැන කලබලයක් ඇති කරලා හමුදාව එතැනට ගේන්න, ඇදිරි නීතිය, හදිසි නීතිය දාන්න කියලා අපි දන්නවා. හැබැයි 88-89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ යම් යම් වැරදි කරන විට, අවි ගත් තරුණයින් යම් යම් දේවල් කරන විට දේශපාලඥයින් ගිහින් ට‍්‍රාන්ස්පෝමර් පිපිරෙව්වේ නැද්ද? දේශපාලඥයෝ ගිහින් තැන් තැන්වල බස් ගිනි තිබ්බේ නැද්ද? දේශපාලන නායකයින් මැදිහත්වෙලා කරපු කියපු දේවල් අපි දන්නවා

තමන්ගේ අම්මාගේ මළගෙදර මිනිස්සු එකතු කරගෙන බුරු පිටි දාපු අයියලාටයි, තොන්් එකතු කරපු මල්ලිලාටයි, අම්මාගේ තාත්තාගේ සොහොන මිනිස්සුන්ගේ සල්ලිවලින් හදපු අයියලා මල්ලිලාට මේ රටේ මිනිස්සු ගැන කිසිම හැගීමක් නෑ. අපිට අනාගතයක් දෙන්න කියලා තරුණ තරුණයින් ඉල්ලා සිටින විට පුංචි දරුවන්, අපේ අනාගතය දෙන්න කියාල සිටියදී, ගෝඨා ගෝ හෝම් කියද්දී, තමන්ගේ තනතුරේ සිටිමින් බල පෙරේතකමට අපි විපක්ෂයට ආරාධනා කළා, කවුරුවත් භාර ගත්තේ නෑ කියලා කියලා, බොලේ පාස් කරන එක අපිට හොදට තේරෙනවා. ජනතාවට ඒක තේරෙනවා.

විපක්ෂය විදියට අපි කිව්වේ, ගෝඨා ගෝ හෝම් කියලයි. මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයේ හොරු ටික ඉල්ලා අස්වෙන්න කියලයි. අන්න ඒ විිදියට ජනාධිපතියි, අගමැතියි, කැබිනට් මණ්ඩලයයි ඉල්ලා අස්වුන දවසට සජිත් පේ‍්‍රමදාස මැතිතුමා එක් කරගෙන, මේ රට ගොඩ නගන වැඩපිළිවෙලට, සාධනීය වැඩපිළිවෙලක් ප‍්‍රතිසංවිධානාත්මක වැඩපිළිවෙලක් සමග මේ රට ගොඩ නගන්න අපි සූදානම්. ගෝඨා යන දවසට, රාජපක්ෂලා ගෙදර යන දවසට, රාජපක්ෂලා ඉල්ලා අස්වෙන දවසට, මිනිස්සු එකතුවෙලා රාජපක්ෂලා එලවන දවසට අපි මේ ආණ්ඩුව ගන්න සූදානම්