පසුගිය දිනක  විපක්ෂ නායක සජිත්ගේ   දුරකතනයට විශේෂ පණිවිඩයක් ලැබුණේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙනි.

” සර්,මට විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. ආණ්ඩුව බොහොම අන්තනෝමතික  තීන්දුවක් ගන්න යනවා”

ඒ නිලධාරියා සජිත්ට කීවේය.

“මොකක්ද?”

සජිත් විමසිල්ලෙන් ඇසුවේය.

” අග්‍රහාර රක්ෂණයට කියලා,ආණ්ඩුව විශ්‍රාමිකයින්ගෙන් ගානක් කපාගන්න යනවා”

නිලධාරියා සජිත්ට කීවේය.මේ පුවත සජිත්ගේ විශේෂ අවධානයට යොමුවිය.

ඔහුගෙන් කිසියම් තොරතුරු ප්‍රමාණයක්  ලබාගත් සජිත් වහාම කළේ මුදල් අමාත්‍යාංශය හරහා ඒ පිළිබඳව සොයා බැලීම ය .

” ඒ කතාව ඇත්ත විපක්ෂ නායකතුමා.හෙට මේ ගැන විශේෂ චක්‍රලේඛයක් දානවා”

සජිත්ට තොරතුර තහවුරු කරගන්නට හැකිවිය.ඒ අනුව, 2016/01/1ට පෙර විශ්‍රාම ගිය වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයින් ගෙන් රුපියල් හයසීයක් කපා ගන්නටත්,වයස අවුරුදු 70ට අඩු අයගෙන් රුපියල් හාරසියයක් කපා ගැනීමටත් ආණ්ඩුව විසින් අලුත්ම චක්‍රලේඛය ඔක්තෝම්බර් 29 වෙනිදා නිකුත්කරනු ලැබුවේ ඔය අතරය.

සජිත් , ආන්ඩුවේ මේ අන්තනෝමතික  තීන්දුවට එරෙහිව අරගලය ආරම්භ කළේ එතැනිනි.

” මනුෂ්‍යයෙකුට රක්ෂණයක් දෙන එකේ කිසි ගැටළුවක් නැහැ. හැබැයි මේ වෙලාවේ හැම පැත්තෙන්ම තැලිලා පොඩිවෙලා ඉන්න මිනිස්සුන්ගෙ සොච්චම් වැටුප අග්‍රාහාර රක්ෂණය ට මුවා වෙලා කපන්න ඉඩ දෙන්න බැහැ.”

සජිත් මහ ලේකම් රංජිත් සමග කීවේය.

“මේක මොන අපරාධයක්ද ?.සති දෙකක් තුළ අකමැත්ත ප්‍රකාශ නොකළොත් වැටුපෙ කොටසක් කපා ගැනීම ඒකාන්තයි.විශ්‍රාම ගිහිල්ලා විවේකය විවේකය සුවයෙන් ඉන්න ඒ මිනිස්සු චක්‍රලේඛ බල බල ඉන්නවා ද ?”.

මහලේකම් රංජිත් කීවේය.

“අනිත් එක පහුගිය කාලේ, ධන කුවේරයන්ට බදු සහන දුන් ආණ්ඩුව විශ්‍රාමිකයින්ගේ වැටුප් කොල්ලකනවා.මේකට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන”

එහෙම කිව්වේ හර්ෂ ය.

“ආණ්ඩුව පැමිනි ගමන් ධන කුවේරයින්ට කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන ලබා දුන්නා. රාජ්‍ය ආදායම නැත්තටම නැති කරගත්තා. ආණ්ඩුව ඒ සිදුවුනු පාඩුව පියවා ගන්න හදන්නේ මේ රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ දහඩිය මහන්සිය සහ බුද්ධිය කැප කරමින් රාජ්‍ය සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන්., මේ මෘග්ධ ක්‍රියාවලියට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරනවා”

සජිත් කීවේය.

ඒ සමගම විශ්‍රාම වැටුප කොල්ලකෑමේ කූට උපක්‍රමය සජිත් රටට හෙළිදරව් කළේ පසුගිය සෙනසුරාදා නැදිගම්විල දීය.

“මොළ හතේ මුදල් ඇමතිවරයෙකු පත්කර ගත්තේ මේ අන්දමට රටේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ලකෑමට ද?”කියා සජිත් එහිදී විමසීය.

සජිත් කළ මේ හෙලිදරව්ව  කෙටි කාලයක් තුළ ලැව් ගින්නක් සේ රට පුරා පැතිර ගියේ ය.තමන්ගේ සොච්චම් විශ්‍රාම වැටුප ආණ්ඩුව විසින් කොල්ල කන්නට යන උත්සාහය පිළිබඳව රට පුරා සිටි විශ්‍රාමිකයින් දැනගත්තේ සජිත් ගේ හෙලිදරව්ව නිසාය .  

ඉන් අනතුරුව සජිත් තමන්ගෙ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සිදුවීම පිළිබඳව පැහැදිලි කළේය.

“මේ ගැන අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න ඕන.යහපතක් කරන ඕන දේකට අපේ අපි කොන්දේසි විරහිතව සහාය දෙනවා.මේ ආණ්ඩුව හොඳ දේත් නරක විදිහට කරන ආණ්ඩුවක්.තුනෙන් දෙකක් අරගෙන කරන්නේ මේ වගේ අපරාධනම් ඒවට ඉඩ දෙන්න අපි සූදානම් නෑ”

සජිත් කීවේය .

එහෙම කි සජිත් ආණ්ඩුවේ මේ විශ්‍රාම වැටුප් මංකොල්ලය සම්බන්ධයෙන්  පසුගිය පසුගිය 9 වෙනිදා  27/2යටතේ විශේෂ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට යොමු කළේය.ඒ දහවල් 12.00ටය.ඔහුට අවශ්‍ය වූයේ ඊට පසු දින  පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නය විමසන්නට ය. සජිත්ගේ මේ උත්සාහය ආණ්ඩුවට සැල වුණේය.

කෙසේ වෙතත් ඉන් ඉන් පැය කිහිපයකට පසු ආණ්ඩුව අදාළ චක්‍රලේඛය වහාම අවලංගු කරනු ලැබීය.

මේ සිදුවීම් මාලාවත් එක්ක සජිත්ගෙ දුරකතනයට නිවනක් නැති විය.රටේ හතර දිග් භාගයෙන් දිගින් දිගටම පැමිණි දුරකථන ඇමතුම් වලින් කියවුනේ සජිත් මේ ගැන රටට හෙළිදරව් නොකළානම් ආණ්ඩුව විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප කොල්ල කන එක නතර කරන්නෙ නැති බවය.