අද රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය ඉතාමත් අවුල් සහගත තත්වයකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද(29)  මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

බැඳුම්කර නිකුත් කල යුතු අවස්ථාවන්හිදී බැඳුම්කර නිකුත් නොකර සිටීමටත් සහ ඒ හරහා තමන්ගේ හිත මිතුරන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ගේ බැඳුම්කර වල වටිනාකම් වැඩිකිරීමට අද රජය තුල සිටින යම් යම් තැනැත්තන් කුමන්ත්‍රණය කරන බවයි ඒ මහතා කියා සිටියේ.

තාවකාලිකව රාජ්‍ය බලය ලබාගත් පිරිස ඔවුන්ට ලැබී තිබෙන කෙටි කාලය තුලදී ඔවුන්ගේ ගජ මිතුරන් ආර්ථික අතින් ශක්තිමත් කර ඉදිරි ජනාධිපතිවරණය සදහා අවශ්‍ය මුදල් සොයාගැනීමට බැදුම්කර වෙළදපොල තමන්ට අවශ්‍ය ආකාරයෙන් ආර්ථික විද්‍යාවට එරෙහිව ඒ වගේම ඉතා අසාධාරණ ලෙස වැය කරනවා 

එක පැත්තකින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බර අහිංසක පෞද්ගලික අංශ නිලදාරීන්ගේ ඇඟට පටවා EPF අරමුදලත් හිස්කර අසාධාරණ ලෙස කටයුතු කරන අතර  අනික් පැත්තෙන් බැඳුම්කර වෙලදපොලේ සිටින ප්‍රථමික හා ද්විතික ගැනුම්කරුවන්ගේ අවශ්‍යතවයන් හා ඔවුන්ගේ වත්කම් වැඩිකිරීමට මේ රජය කටයුතු කරන බව අජිත් පී පෙරේරා මහතා මෙහිදී අවධාරණය කළේය.