ලංකාවේ දැනට පවතින සංචිත ප්‍රමාණය බිලියන එක හමාරක් බවත් ඉදිරි වර්ෂය සදහා ගෙවිමට ඇති ණය මුදල බිලියන 6ක් වෙන බවත් එම ණය පියවිම සදහා රජය ආදයම් හා වියදම් කළමනාකරණය කරන්නේ කෙසේ ද? යන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ආණ්ඩුවේන් ප්‍රශ්න කර සිටියේය .
ඔහු කියා සිටින්නේ රාජපක්ෂ පාලනය විසින් රට බංකොළොත් කර ඇති බවයි .
රටේ ප්‍රශ්නයක් තියෙනවායි ආණ්ඩුව තෙරුම් ගත යුතු බවත් එවිට එවාට විසදුම් ලබා ගැනිමට හැකි වෙන බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ මේ රට බේරා ගැනිමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුල මිට පෙර අයවැය විවාදය අතරතුර කිසිම මුදල් අමාත්‍යවරයෙක් රටින් බැහැරව ගොස් නැති බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා සංචාරයේ දී ලංකාවේ ප්‍රශ්න වලට විසදුම් ලැබී නැතැයි ද හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේය .
ඔහු මේ බව කියා සිටියේ අද(09) විපක්ෂ නායක කාර්යලයේ දීය .