රාජපක්ෂලා ගහපු තොරණේ හදිසියේ කුලියට කවි කියන්න ආපු අගමැතිවරයෙක් ලෙස නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි

“පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා අපට ඩොලර් නැහැ මෙච්චරක් පාඩු ලබනවා කියලා එතුමා ඒක ප්‍රකාශ කරන්න කලින් මේ රටේ ජනතාවත් අපිත් දන්නවා. එහි දී මට මතක් වුණේ එතුමා තොරණක විස්තරයක් කියනවා වගේ රාජපක්ෂලා ගහපු තොරණේ හදිසියේ කුලියට කවි කියන්න ආපු අගමැතිවරයෙක් හැටියට තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා දකින්නේ. එතුමා කියන සියල්ල අපි දන්නවා රාජපක්ෂලා ගහපු තොරණ රාජපක්ෂලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලාගේ තොරණේ කුලියට කවි කියන්න ඇවිල්ලා. අපිට අවශ්‍ය වෙන්නේ තොරණ විස්තර නෙමෙයි රාජපක්ෂලා ගහපු තොරණ පත්තු වෙන්නැතුව ඇණහිටලා තියෙන තොරණේ රටට ඵලදායි වැඩදායි විදිහට ජනතා හිතවාදී තොරණක් බවට පත් කරන්න තමයි අපිට අවශ්යයි ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂලා ගේ කුණු හෝදන්න කුලියට කවි කියන්න ආවට කමක් නැහැ හැබැයි ඒ තොරණ විස්තර කරලා විතරක් හරියන්නේ නැහැ වගකීම බාර ගත්ත නම් ඒ තොරණේ අසාර්ථකත්වයට විසඳුම් හා පිළියම් කඩිනමින් සෙවිය යුතුයි .නැත්නම් මේ රටේ ලක්ෂ 220 ක ජනතාව අමාරුවෙන් ඉන්නේ මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හැටි අපි දන්නවා හැමදාම යම් පාලන කාලයකින් පස්සේ රාජපක්ෂලාට ආපහු ගෙදර ගිහිල්ලා රෙදි හෝදලා වෙලා මැදගෙන රෙස්ට් එකක් අරගෙන එන්න ඉඩ හදපු නායකයෙක් 2002 දී ඒක කලා 2015 කරා ආපහු 2022 ඒත් කරනවා ඒකට ගම්වල මිනිස්සු කියන්නේ ඩීල් දේශපාලනය කියලා එදා රහසේ කලා හද ඇත්තටම එළිපිට කරනවා මෙය අපිට පේන දේ මේ කරන්නෙත් කිලිටු වෙලා දූෂිත වෙච්ච වෙච්ච රාජපක්ෂලාට විවේකයක් දීලා ඒගොල්ලො පිටිපස්සට දාලා පිරිසිදු වෙලා එන්න ඉඩ දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිත් තාවකාලික ඩියුටියක් කරනවා ඒ පිළිබදව අපි විමසිල්ලෙන් ඉන්නවා.”

තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ ,

අද ආණ්ඩුව කරන්නේ රටේ ජන මතයක් නැති ජන විඥානයෙන් පිරිහුණු නායකයන් දෙදෙනෙක්

“මේ රටේ ප්‍රශ්න දවස ගානේ වැඩිවෙනවා මිසක් ඒවා විසඳෙන බවක් පේන්න නැහැ පහු ගිය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය විදියට දිවුරුම් දුන්නා එහිදී රටේ ජනතාවට බලාපොරොත්තු වුනා මේ රටේ ඩීසල් ප්‍රශ්න පෙට්රල් ප්‍රශ්න gas ප්‍රශ්න විදුලි ප්‍රශ්න වැනි වර්තමානයේ දැවෙමින් පවතින ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා හැබැයි අද දවස වෙනකොට එක පෝලිමකට තිබිච්ච වාහන දැන් පෝලිං දෙකකට හැදිලා තිබුන තත්ත්වයටත් වඩා බරපතළ විදියට පෝලිම් වැඩි වෙලා ජනතාවගේ නොසන්සුන්තාව බරපතළ ලෙස වැඩි වෙලා රටේ ජන මතයක් නැති ජන විඥානයෙන් පිරිහුණු නායකයන් දෙදෙනෙක් තමයි අද ආණ්ඩුව කරන්නේ විශේෂයෙන්ම අද රටේ තියෙන පුංචි දරුවාගේ සටන්පාඨ ගෝඨා go home ,

ගෝඨාභය මහත්තයා මේ රටේ ජනාධිපති පහුගිය මැතිවරණයේ දී ජනතාව බරපතළ ලෙස ප්‍රතික්ෂේප වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ආණ්ඩුවේ අගමැති එසේ ජනමතය තිබෙන අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් අද මේ ආණ්ඩුව මෙහෙය වනවා .එහිදී වගකිවයුතු විපක්ෂයක් විදියට කකුලෙන් අදින්න අපි කටයුතු කරන්නේ නැහැ අපි බලාගෙන ඉන්නවා මේ රටේ ජනතාවගේ ජනමතයට පිරිච්ච නායකයන් දෙදෙනා රටේ ප්‍රශ්න විසඳන ආකාරය ගැන.”

යනුවෙන් අද (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .