හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පළමු අවස්ථාවේ උපාධිධාරීන් 49448ක්, දෙවැනි අවස්ථාවේ 7785ක් සහ තෙවැනි අවස්ථාවේ 783ක් වශයෙන් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගත් නමුත් පරිපාලන දුර්වලතා නිසා උපාධිධාරීන් 465කට රැකියා අහිමි වී ඇති බවට මීට මාස ගණනාවකට පෙර පාර්ලිමේන්තුවේ සභාගත කළ බවත් එහි දී අගමැතිවරයා විසින් විෂය භාර අමාත්‍යවරයා ලෙස එම ගැටලුව විසඳන බවට ප්‍රතිඥා ලබා දුන්නත් එය ඉටු නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එම උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වත්මන් අධ්‍යාපන ඇමතිවරයා හෝ පෙනී සිටිය යුතු බව යි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (5) පර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක් වෙමිනි.

මේ සම්බන්ධයෙන් තමා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කළ බවත් එතුමා ද මේ ගැටලුව විසඳන බවට එකඟ වූ නමුත් එය මෙතෙක් දුරට ඉටු නොවූ බවත් එම නිසා එම උපාධිධාරීන් මේ වන විට මහ පාරේ උද්ඝෝෂණයේ නිරත වන අතර ඔවුන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක් කර ලෙසත් ඉල්ලා සිටියේය.

මේ අතර විපක්ෂ නායකතුමා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට සහභාගි සහභාගී වන අතරතුර දී රැකියා විරහිත උපාධිධාරි විරෝධතාකරුවන් අභියසට ගොස් ඔවුන් සමඟ ද සාකච්ඡා කරනු ලැබීය.

https://youtu.be/M4ZJmEwW1AQ