වතු කම්කරු වැටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ටධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ පැවති 2024 මැයි රැලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වහාම ක්‍රියාත්මක වන පරිදි 1700 දක්වා වැඩිකළ බවත් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට පූර්ණ උපදෙස් ලබාදී තිබෙන බවත්ය.
කම්කරු අමාත්‍ය මනුෂ නායනායක්කර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මැයි රැලියේදී කියා සිටියේ වතු හිමිකරුවන් විසින් වතු කම්කරුවන්ට වහාම මෙම වැටුප ලබා දියයුතු බවත් එසේ නොමැතිනම් එම වතු රාජසන්තක කිරීමට කටයුතු කරන බවත්ය.
කෙසේ වෙතත් මෙම වැටුප් වැඩිකිරීම කිසිඳු සැලසුමක් ඇතුව කල දෙයක් නොවන අතර එම ක්‍රියාවලිය කිසිසේත් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල නොහැකි බවයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ පිළිබඳව කියා සිටියේ