ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන නිසා, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා නොදීමට පක්ෂය තීරණය කළ බවයි.
අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.
එහිදී සාගර කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියේ මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත්, මෙතෙක් පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න පිළිබඳව තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට නම් කිහිපයක් සාක්ච්ඡාවට ගෙන ඇති බවත් සාගර කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළා.