වසරක කාලයක් තුළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක් ඉතිරි කර තිබුණා නම් අද වන විට එහි වටිනාකම රුපියල් 30,000 ට අඩුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පොදුජන පෙරමුණ හා රාජපක්ෂවරු එකතුවී රට විනාශ කර ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ සාදන ලද කොහා පැටියෙක් වැනි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අයවැය යෝජනා කෙතරම් ආකර්ශනීය වුවද ඒවා සැබෑ කර ගැනීමට පදනමක් ඔහුට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය හර්ෂද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.