කෙටි කාලයක් තුළදී රට ආගාධයට ඇද වැටන්න තවත් හේතුවක් වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ ජනාධිපතිතුමාගේ බලතල වැඩි කිරීම බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .
කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ,
“අගමැතිතුමාට, පාර්ලිමේන්තුවේ කථානායක තුමාට, ව්‍යවස්ථාදායක සභාවට දීලා තිබුණා යම් කිසි බලතල ප්‍රමාණයක් මේ රජය බලයට පත් වෙලා කෙටි කාලයක් තුළ විසිවැනි සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුවේ බලතල පමණක් නෙමෙයි මේ රටේ අධිකරණය පාලනය කිරීමේ බලය, රාජ්‍ය සේවා කොමිසම පාලනය කිරීමේ බලය ,ඒ සියලු බලතල විධායක ජනාධිපති තුමාට භාර දුන් බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .
තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,
“එදා තිබුණු ස්වාධීන කොමිෂන් සභා ආයතන කිසි දෙයක් අද ස්වාධීන නැහැ අද මැතිවරණ කොමිසමට කවුද දාලා තියෙන්නේ පොහොට්ටුව කාර්යාලයේ වැඩ කරපු අය ඒ අය ස්වාධීන අය නෙමෙයි මේ බලය එක පුද්ගලයෙක් ගේ අතට දුන්නා එම පුද්ගලයා වැරදි තීරණ ගත්තා පාර්ලිමේන්තුවෙන් ඇහුවෙත් නෑ කැබිනට් එකේ කතා කරන්න බයයි එම නිසා වැරදි තීන්දු තීරණ ගත්තා. පොහොර සහනාධාරය පැය 24න් නැති කෙරුවා .වසරකට කලින් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වම ගියේ නැහැ. එම වැරදි තීරණ නිසා තමයි රට අගාධයට වැටුණේ .අද සමහරු පාර්ලිමේන්තුවට දොස් කියනවා නමුත් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව අද සත පහට වැටිලා. කිසිම බලයක් නැහැ මේගොල්ලෝ විසිවෙනි සංශෝධනය ගෙනාවා ඇත්තටම යහපාලන ආණ්ඩුව කාලය අපි පාර්ලිමේන්තුව තුළ හැදුවා ආංශික අධීක්ෂණ කාරක සභාවක් ඒකෙන් වෙන්නේ පනතක් ගෙනාවම කාරක සභාවේ ආණ්ඩු පක්ෂය විපක්ෂයේ දෙගොල්ලො වාඩිවෙලා වගන්තියෙන් වගන්තිය අධ්‍යනය කරනවා .ඒක හරිම වැදගත් දැන් විසිවෙනි සංශෝධනය මේගොල්ලෝ හැදුවා ඒක හැදුවේ කවුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙමෙයි ජනාධිපතිතුමාගේ නඩු කතා කරපු පෞද්ගලික නීතිඥ මහත්වරුන් ඔවුන් හදලා පාර්ලිමේන්තුවට ගෙනාවා. ආංශික අධීක්ෂණ කාරක සභා කථානායකතුමා අත්හිටවුනා කෙලින්ම පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගත්තා. මම විපක්ෂයේ පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට සංශෝධන ගණනාවක් යෝජනා කළා ඒවා එකක්වත් පිළිගත්තේ නැහැ පාර්ලිමේන්තුවේ එක සාකච්ඡාවක් පවත්වෙල නැහැ. වරාය නගරයත් එහෙමයි එයාලා වරාය නගරය හැදුවේ පාලකයන්ගේ සල්ලි හංගන්න .කලු සල්ලි මේ රටට ගෙනල්ලා වරාය නගරය හරහා විවිධ පුද්ගලයන්ට ලබා දෙන්න හැදුවේ. ජී එල් පීරිස් මැතිතුමාගේන් මම ඇහුවා පෝට් සිටි එකේ තියෙන මුදල් පාර්ලිමේන්තුවෙන් අධ්‍යනය කරන්න පුළුවන්ද කියලා උත්තරයක් තිබුණේ නැහැ .මේ තුළින් ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණ බිද වැටිලා . ඒකාධිපති ගමනක් යන්නේ කියලා ඔවුන් පිළිගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පලවෙනි පාරට අපිට විරුද්ධව යෝජනාවක් සම්මත වුණා. එහිදී අපේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන යුරෝපීය රටවල් දෝෂාරෝපණය කරා.”
යනුවෙන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .
එහිදී වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මගින් 26 වෙනිදා ආරම්භ වන පා ගමන කොළඹ දක්වා ගමන් කරන බවත් නැති වූ දේශපාලන නිදහස ආර්ථික නිදහස නැවත වරක් ලබා ගැනිමට කටයුතු කරන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .
සටහන – CJ