දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීමත් රට යළි ගොඩනැගීම අරමුණු කොට ගනිමින් සමගි ජන බලවේගය ලබන 26 මහනුවර සිට කොළඹ දක්වා දැවැන්ත පා පාගමනක් සංවිධානය කොට තිබේ.
“සමගි බල පා ගමන” ලෙස නම් කොට ඇති එය දින පහක් මුළුල්ලේ කොළඹට පැමිණීමට නියමිත අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පා ගමන ආරම්භයේ සිට අවසානය දක්වා දින පහම අඛණ්ඩව ඊට එක් වීමට නියමිතය.

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති ලබන මැයි පළමුවැනි දින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට කැඳවා ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළකිරීමට සමගි ජන බලවේගය කටයුතු කොට ඇති අතර එහි මෙවර තේමාව වී ඇත්තේ ” සියවසේ අරගලය” යන්නය.

සමගි ජන බලවේගයේ ආධාරකරුවන් අනුබද්ධ සංවිධාන ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් “සියවසේ අරගලය ට”එක්වීමට නියමිතය.