රටේ විකල්ප නායකයා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ ආණ්ඩුවට බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවත් රටේ ජනතාව විකල්ප නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගෙන ඇති බවයි .

ඔහු මේ බව කියා සිටියේ අද (05) සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .