මහජන විරෝධය හමුවේ රටින් ඉවත් වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු ජුලි 13 වනදා මෙරටින් පිටව ගිය අතර මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නා.
පසුව ඔහු තායිලන්තය බලා පිටත් වුනා.
අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට පැමිණි, සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් ඊයේ (සැප්. 2) රාත්‍රී 11.48ට පමණ මෙරටට පැමිණි බව ය.