සමගි ජන බලවේගයේ අරමුණ රට ගොඩගැනීම බවත් එම අරමුණ දිනන ඇරඹුම සැප්තැම්බර් 16 සහ 17 දා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

සමගි ජන බලවේගය ඊයේ (12) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පවත්වා අවසන් බවත් සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු සහ සංවිධායකවරු මාතරින් සමගි ජන බලවේගයේ ශාඛා සමිති, කාන්තා සමිති , තරුණ සංවිධාන පිහිටුවන වැඩපිළිවෙල ආරම්භ කරන බවත් මෙම වැඩපිළිවෙල ඉදිරි කාලය තුළදී රට පුරා දියත් කරන්න කටයුතු කරන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගන්න සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් මද්දුම බණ්ඩාර මහතා හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා,

රටේ සෑම ක්ශ්‍රේත්‍රයක්ම කඩා වැටිලා, ජනතාව ජීවත් වීමේ සටනක ඉන්නේ. ජනතාව කැමැති අලුත් පාලනයක්. පසුගිය ආණ්ඩුව කුමන්ත්‍රණයකින් බලයට පැමිණීම ගැන රට ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා. ජාත්‍යන්තර සංවිධාන කියනවා පසුගිය රජය බලයට ආවේ කුමන්ත්‍රණයකින් කියලා.

ඒ වගේම රටේ රහස් ඔත්තු සේවයේ ප්‍රධානියාට චෝදනා එල්ල වෙලා තියෙනවා.

රටට වගකියන පාලනයක් අවශ්‍යයි. ඒ පාලනය භාර ගන්න සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සූදානම් වෙලා තිබෙන්නේ.

සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පවත්වා අවසානයි. සැප්තැම්බර් 16 සහ 17 වැනිදා මාතරින් සමජි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙල ආරම්භ කරනවා.

සමගි ජන බලවේගයේ අරමුණ රට ගොඩගැනීමයි. ඒ අරමුණ දිනන ඇරඹුම සැප්තැම්බර් 16 සහ 17 වැනිදා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු සහ සංවිධායකවරු මාතරට ගිහින් ශාඛා සමිති, කාන්තා සමිති , තරුණ සංවිධාන පිහිටුවන වැඩපිළිවෙල ආරම්භ කරනවා. මේ වැඩපිළිවෙල ඉදිරි කාලය තුළදී රට පුරාව දියත් කරන්න කටයුතු කරනවා.

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීමට හැකි කණ්ඩායමක් නෑ. පොදුජන පෙරමුණට ගමට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කතා කරලා වැඩක් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ භයංකාර ආර්ථික ප්‍රතිපත්තිය ගැන කල්පනා කරනවිට එක ඡන්දයක්වත් හිමිවෙන්නේ නෑ.

මේ එන්නේ මැතිවරණ වර්ශයක්, සමගි ජන බලවේගයේ ශක්තිය කාන්තා සමිතියෙන් , තරුණ සංවිධානයෙන් ශාඛා සමිතියෙන් විතරක් නෙවෙයි සමගි ජන බලවේගයට උපදෙස් ගන්න භික්ෂු උපදේශන සභා , සර්වාගමික උපදේශන සභා ථ වෘත්තීය සමිති ව්‍යාපාර , අනුබද්ධ සංවිධාන සියල්ල ශක්තිමත් කරගෙන යන්නේ.

සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. අපි සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ සටනට සහය ලබා දෙන්න. 

චැනල් 4 ප්‍රකාශය ගැන සමගි ජන බලවේගයේ මතය කුමක්ද ?

පාස්තු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හොයන්න රටේ කොමිසන් සභා කිහිපයක් පත් කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මලල් ගොඩ කොමිසන් සභාව පත් කළා. ඒවා වාර්තා වලට විතරයි සීමා වෙලා තියෙන්නේ. විශේෂ ජනාධිපති කොමිසන් සභාවේ කරුණුවත් තාම හෙළි කරලා නෑ.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන්න ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් රැසක් ආවා. අපිට ලංකාවේ පරීක්ෂණ ගැන විශ්වාසයක් නෑ. ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන්න කියලා ඉල්ලා සිටිනවා. රටේ ආරක්ෂක අංශ වල සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබපු පිරිස්.

ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට එනවා කියලා පුවත් පත් වාර්තා කරලා තිබෙනවා.

ගෝඨාභය මුහුදෙනුත් එහාට එලවපු මනුස්සයෙක්. රටේ මිනිස්සු හිඟා කන තත්ත්වයට පත් කරපු , කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන් වනසපු ගෝඨාභය ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණත් ගෝඨාභයට ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයට මොකද වුණේ.

විශ්වාසභංගයෙන් අවශ්‍ය වෙලා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන වංචා දූෂණ හෙළි කරන්න. ඇමැතිවරයාටවත් රජයටවත් ඒකට උත්තර දෙන්න හැකියාවක් තිබුණේ නෑ. විශ්වාසභංගයට ඡන්දය දුන්නේ නැත්නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරුට මන්ත්‍රීකම නැති වෙනවා. ලෙඩ්ඩු මැරෙද්දී , හොරකම දැක දැක තමන්ගේ මන්ත්‍රීකම ආරක්ෂා කර ගන්න ඡන්දය ලබා දීලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා සමගි ජන බලවේගයේ පිරිසක් එජාපයට සම්බන්ධ වෙයි කියලා.

ජනාධිපතරයා ජනාධිපති වුණාට පස්සේ කියන්න ගත්තා සමගි ජන බලවේගයෙන් අච්චර එනවා මෙච්චර එනවා කියලා. නමුත් ගිය කෙනෙක් නෑ. යන්න හිතන් හිටපු අයත් දැන් නැවතිලා. එජාපයට බලය ගන්න බැ කියලා ඔවුන් දන්නවා. එජාපයත් පොහොට්ටුවත් රනිල් වික්‍රමසිංහව අතරමං කරනවා කියලා ඔවුන් දන්නවා. රනිල් එක්ක අවුරුදු 26 ක් අපි හිටියා. ඔහු බලයට ආවේ නෑ. මෝඩ තීරණ ගන්න මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නෑ. එක්කෙනක් දෙන්නෙක් ගියා දැන් එයාලත් කර ගන්න දෙයක් නැතුව ඉන්නේ.