“යුක්තිය” මෙහෙයුම නමින් වර්තමානයේ රට තුළ විශාල වශයෙන් ජනතාව පීඩාවට පත්කරන අයුක්තියක් ක්‍රියාත්මක වන බවත් එම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දුන් බවට චෝදනා ලත් ටිරාන් අලස් සහ අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගෙන පුද්ගලයින්ට වද හිංසා කිරීමට චෝදනා ලත් දේශබන්දු තෙන්නකෝන් බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියේ කියා සිටියේය.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව කියා සිටියේ පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවේදී එතුමිය වැඩිදුරටත් කියා සිටියේ,

”යුක්තිය කියලා ජනතාව පිඩාවට පත් කරන අයුක්තියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. වැඩ බලන පොලිස්පතිවරයා සහ පොලිසිය භාර ඇමැති තමයි මේ මෙහෙයුම සිදුකරන්නේ. පොලිසිය භාර ඇමැති ත්‍රස්තවාදින්ට මුදල් දුන්නා කියලා චෝදනා එල්ල වෙනවා. ඒක ඔහු පිලිගෙන තිබෙනවා. වැඩ බලන පොලිස්පතිවරයාට මානව හිමිකම් කඩ කළැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ද නිකුත් කරලා තිබෙනවා. ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයේ ඉන්නේ දේශබන්දුගේ සාක්කුවේ. එවැනි අවස්ථාවක කොහොමද දේශබන්දු නීතිය ක්‍රියාත්මක කරන්නේ. පොලිස්පති කුඩු කාරයන්ගෙන් ජිවත් වන බව ටිරාන් අලස් ඇමැතිවරයාම කියලා තියෙනවා.

ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරණම සාමාජිකයෙක්. එහෙම තත්ත්යක් තුළ පොලිසිය භාර ඇමැති කියනවා එක්සත් ජාතින්ගේ සංවිධානය කියන දේවල් පිළිගන්නේ නෑ කියලා. එක්සත් ජාතින්ගේ සංවිධානය කියන දේවල් වලට අපිට යටත් වෙන්න වෙනවා. ඔවුන් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහය ලබාදෙන්නේ. සම්බාධක නැතිව ජාත්‍යන්තර සබධතා පවත්වන හැකියාව ලැබිලා තිබෙන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය නිසා. ඒකාධිපති රටකට විතරයි ටිරාන් කියන කතා වලංගු වන්නේ. ලෝකයේ රටවල් ලංකාව සමඟ මිත්‍රත්වය වර්ධනය කරගෙන තිබෙන්නේ ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරණම සාමාජිකයෙක් නිසයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝග පිලි ගන්නේ නැ කියලා පොලිස් ඇමැතිවරයාට කියන්න අයිතියක් නෑ. ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානය සම්බාධක පැනෙව්වොත් කන්න තියෙන කෑම ටිකවත් කන්න වෙන්නේ නෑ.”