රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දයාන් ලේනව නමැති පුද්ගලයෙකු යොදාගනිමින් ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම ඊනියා වැඩපිළිවෙල අසාර්ථක වූ පසු ලෙනව නමැති පුද්ගලයා සමගි ජන බලවේගයට හිතවත් පුද්ගලයෙකු ලෙස නම් කරමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිස රටට විහිළු සපයමින් සිටින බවත් නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කුමන කුමන්ත්‍රණ යෙදුවත් අනිවාර්යෙන් මැතිවරණයකට මුහණ දියයුතු වන අතර එක්සත් ජාතික පක්ෂය රටට විහිළු සැපයීම පසෙක තබා අඩුමතරමින් ජනාධිපතිවරණයේදී ඡනද 10%ක් ලබගනිමටවත් උත්සාහ කලයුතුව ඇති බවයි.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අද (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.