ඊයේ(23) දින කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සමගී ජන බලවේගය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කලේ ආණ්ඩුව වංචා දූෂණ පිලිබදව ජනතාවට දැනගන්න තිබූ අයිතියක් වැළැක්වීමට අද පාර්ලිමේන්තුවේ කටයුතු කරල තිබෙන බවයි.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා

වංචා දූෂණ ගැන දැනගන්න ජනතාවට තිබූ අයිතියක් වැළැක්වීමට අද පාර්ලිමේන්තුවේ කටයුතු කරල තියෙනවා .අපි දන්නවා රාජ්‍ය ආයතන වල දෙපාර්තමේන්තුවල මණ්ඩල අධිකාරි වල සියලු ආයතන වල මහාමාර්ග දෙපාර්තමේන්තු ඇතුළු අධිකාරිය ආයතන වල හොරකම් වංචා දැනගන්න සාකච්ඡා කරන තැන තමයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගේ සභාපතිත්වයෙන් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව තමයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව පවත්වන්නේ .විගණකාධිපතිවරයා විසින් මෙය ආයතන වල සිදුවන වංචා දූෂණ සම්බන්ධව වාර්තා ඉදිරිපත් කරන්නේ මේ සභා දෙකට .රටේ සිදුවෙන විශාල වංචා රාජ්‍ය ආයතන වල හොරකම් මේකෙන් එළි කරල තියනවා. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් මේ රටේ ජනතාවට අයිතිය ලබලා දුන්නා මේවා රූපවාහිනී සහ ගුවන් විදුලිය ඔස්සේත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් වංචා දූෂණ සම්බන්ධව දැනගන්න ජනතාවට අයිතියක් ලැබුණා .මෙය මේ රටේ කෙරුණු විශාල කටයුත්තක් මේකෙන් එකක් බලාපොරොත්තු වුණා වංචා-දූෂණ සම්බන්ධව හෙළිදරව් කිරීමේන් මේවා වළක්වන්නත් පාලනය කරන්නත් ඉවහල් වුණා. නමුත් අද මොකක්ද කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මේ කාරක සභා දෙකේම රූපවාහිනීයට ගුවන්විදුලියට දෙන එක නවත්තලා ඇයි හේතුව අද තිබිලා තියෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ විගණන වාර්තාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක්. පහුගිය සති දෙකේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා විදුලිබල මණ්ඩලය හිටපු සභාපතිවරයා. අද ඒකෙ රැස්වීම තියෙන්නේ .මන්ත්‍රීවරුන්ට මේවා ප්‍රශ්න කරද්දී රට දැනගන්නවා හොරකම් මොනවද කියලා.

අපි දන්නවා මේ ආණ්ඩුව හොරකමට පාර කපපු ආණ්ඩුවක් .19 වෙනි සංශෝධනයෙන් තිබූ ස්වාධීන කොමිෂන් සභා නැති කරා. විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම ක්‍රියාත්මක කිරීම නැවැත්තුවා. ඒ වගේම ටෙන්ඩර් නැතුව කොන්ත්‍රාත් දෙන එකට ප්‍රමුඛත්වය දුන්නා පාරදෘශ්‍යභාවය නැති කරා .අපි දන්නවා උතුරේ තියෙන සුළං බලයෙන් තියෙන විදුලි බලාගාර සඳහා ටෙන්ඩර් අයින් කරලා කටයුතු කරා. අපි අහනවා ආණ්ඩුවෙන් ඇයි ජනතාව විසි එක් වෙනි සංශෝධනය ගේන්න කියන්නේ එය මේ ස්වාධීන කොමිෂන් සභා දාලා මේ රටේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා හොරකම වංචාව නවත්තන්න විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම ඇතුළු කොමිෂන් සභා පොලිස් කොමිෂම සියල්ල ශක්තිමත් කරන්න. ජනතාව කෑගහනව ජනතාව ඉල්ලනවා නීතිඥ සංගමය ඉල්ලනවා සිවිල් සංවිධාන ඉල්ලනවා මේ විසි එක් වෙනි සංශෝධනය ගෙන්න මේ රටේ මහා සංඝරත්නය පූජකවරුන් ඉල්ලනවා විසි එක් වෙනි සංශෝධනය ගෙන්න ආණ්ඩුව මොකක්ද කරන්නේ ජනතාව එසේ ඉල්ලද්දී හොරකම් හෙලිදරව් වෙන නිසා කෝප් එකේ කෝප එකෙත් පොදු ව්‍යාපාර කාරක සභාවේත් රාජ ගිණුම් කාරක සභාවේ ඒ පරීක්ෂණ සියලු දේ ජනතාවට දැන ගැනීමේ අයිතිය නැති කරලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය විනාශ කරලා අපි රජයට කියනවා හොරකම් වංචා දූෂණ හෙළි වන ඒවා ඇයි නවත්තන්නේ අද මේ රට මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ ඩොලර් නැති නිසා. ඩොලර් නෑ තෙල්, ගෑස්, පොහොර, බෙහෙත්, කෑම ටික ගේන්න ඩොලර් නැති වුනේ හොරකම් කරපු නිසා ඒ හොරකම් එළි වෙන නිසා මේ විගණන වාර්තා සාකච්ඡා කරන කෝප් ,කෝපා එක ටීවී එකට රූපවාහිනියට ගුවන්විදුලියට ප්‍රචාරණයක් කරන එක වළක්වා තියෙනවා හොරකම හංගගන්න යනවා අපි ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න කියනවා.

අපි ලෑස්ති සර්වපාක්ෂික ආණ්ඩුවක් කරන්න ජනාධිපතිවරයා කිසි ලැජ්ජාවක් නැතිව මේ ඔක්කොම වැරදි කරලා කියනවා මං අවුරුදු දෙකක් ඉන්නවා ඊළඟට එන කැරැල්ල ලේසි වෙන්නේ නෑ හොරකම වංචාව දූෂණය රජකරන මේ ජනාධිපති ආණ්ඩුව පන්නන්න ජනතාව කටයුතු කරන්න ඉල්ලා සිටිමින් රජයට බල කරනවා මේ ජනතාවට තිබුණු අයිතිය කෝපා එකෙයි කෝප් එක ගැන වාර්තා සම්බන්ධව හොරකම් ගැන දැනගන්න තියෙන අයිතිය ලබා දෙන්න.

හද වැඩියෙන්ම පාඩු ලබන ශ්‍රී ලංකා ගුවන් සේවය විදුලිබල මණ්ඩලය petroleum corporation එක මහා මාර්ග අධිකාරිය විශාල හොරකම් වෙලා තියෙනවා ඒවා මහා ගන්නද ආණ්ඩුව කටයුතු කරන්නේ අපි ජනතාවට කියනවා මේ අයිතිය වෙනුවෙන් අපි සියල්ල එකතු වෙලා සටන් කරමු අපි විරුද්ධ පක්ෂය විදිහට අපි පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව කියනවා.