ජනතාවගේ පිබිදීම දරාගත නොහැකිව එය මර්ධනය කිරීමට රජය විවිධ අණපනත් සකස් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා චෝදනා කළා.

පටු පරමාර්ථ උදෙසා තවදුරටත් බලයේ රැඳි සිටීමට ඇති කෑදර කම හේතුවෙන් මෙම අණත්පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතා තාවකාලික ජනාධිපතිවරයෙක් බවත්, ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ලෙසත් ඔහු ප්‍රකාශ කළා.

“මේ අර්බුද ඔක්කොම ඔටෝමැටිකලි හැදිච්ච ඒවා නෙවෙයි.. මේවා ඔක්කොම පාලකයෝ නිර්මාණ කරපු අර්බුද.. මං දැක්කා කෙහෙළියට රෑට හුස්ම හිරවෙනවා කියලා තිබ්බා..මැරිච්ච අහිංසක මිනිස්සු රෑට ගිහිල්ලා කෙහෙලියගේ බෙල්ල මිරිකනවද දන්නෙත් නැහැ.. ඇයි ඉතින් කෙහෙළිය රටේ ජනතාවගේ ජීවිත කුණු කොල්ලයට දාලනේ කතා කළේ.. කරපු අපරාධවලටයි ඔහොම වෙන්නේ… නින්දෙන් හුස්ම හිරවෙනවලු.. මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය ද ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා.. මේ රටේ හැම කේෂ්ත්‍රයක්ම කඩන් වැටිලා.. ළමයෙක් පාසල් යවන්න පුළුවන් තත්ත්වයක් දෙමව්පියන්ට නැහැ.. ඒ නිසා නියම ජනමතයට ඉඩදෙන්න කියලා අපි ජනපතිගෙන් ඉල්ලනවා..”