එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් (12) ආරම්භ වනවා.

ඒ අනුව එම සැසිවාරය ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය සඳහා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සැසිවාරය ඇමතීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරනමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද එක්ව සිටිනවා.