හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාව මංකොල්ල කැමට ගුවන්තොටුපලේ දී පොළව සිපගෙන ලයිසන් ලබා ගත්තේ අද වගේ දිනයක බව සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .

ඇය කියා සිටියේ අද රට සාමාන්‍ය තත්ත්වයක තිබුණා නම් රාජපක්ෂවරු යුද්ධය විකිණීමට අද දිනයේ විශාල උස්සව සිදු කරන බව ද, කියා සිටියාය.

ඇය වැඩි දුරටත් කියා සිටියේ යුද ජයග්‍රහණයේ ප්‍රණාමය එක පාර්ශවයකට පමණක් යා යුතු දෙයක් නොවන බවත් අද දිනයේ රාජපක්ෂවරුන්ට යුද්ධය විකිණීමට නොහැකි වූ බව ද, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියාය.

සටහන – CJ