හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩු කටයුත්තෙන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳ වූ අවස්ථාවේ දී යි.

කෙසේ නමුත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පෙත්සම්කරුවන් සහනයක් අපේක්ෂා නො කරන බැවින් ඔහු මුදානහරින ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින්.

කෙසේ නමුත් අදාළ පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී මෙහි අනෙක් වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 2 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පෙත්සම කැඳ වූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද(27) තීරණය කරා.

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.