2002 දී ඇරඹු සමාධි පදනම හරහා වෙනස් දේවල් කිරිමත් දේශපාලන කටයුතු කිරීමේදී වෙනස් අකාරයෙන් කටයුතු කිරීම නිසා මාතර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පස්වරක් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විමට හැකි වු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි .
ඔහු කියා සිටියේ ජීප්, පාඩ්රෝ භාවිතා කිරිම වෙනුවට වැන් රථයක් භාවිතා කරන බවයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ට ලැබෙන වාහන බලපත්‍රය සමාජ සේවා කිරීමට යොදවන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .
සංදර්ශන දේශපාලනයෙන් බැහරව සමාජ සේවා නිරන්තරයෙන්ම සිදු කරන බවත් ඔහු නියෝජනය කරන්නේ සාමාන්‍ය ජනතාවගේ පන්තිය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය .
රටේ ජනතාවට මේ වෙලාවේ වගකිමක් ඇති බවත් රට විනාශ කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස ද , එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය .
රට ගොඩනැගීමට නම් සියලුම ක්ෂේත්රයන් දියුණු කරන්නේ කෙසේද යන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද, කියා සිටියේය .
මේ බව කියා සිටියේ සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ පාඨමාලා හදාරන ලද 24 වැනි ශිෂ්‍ය කණ්ඩායම සඳහා සහතික පත්‍ර ප්‍රධානය හා 25/26 ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීමේ උත්සවයේදීය.