ලෝකයේ බොහෝ රටවල් මෙරට පැමිණ ඇත්තේ නව නිපැයුම් තුළින් බවත් ඒ නිසාම ඒ රටවල් නව නිපැයුම්වලට ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලශක්ති අර්බුදයට විසදුමක් සපයන නව සුලං බලාගාරයක් නිර්මාණය කිරීමට සමත් වූ නව නිපැයුම්කරුවකු වන කැළුම් රාජසිංහ මහතා අද (21) විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

එහිදී සිය නිර්මාණය පිළිබඳ ව විපක්ෂ නායකතුමා සමඟ දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළ මහතා මෙරට පවත්නා බලශක්ති බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස සිය නව නිපැයුම් යන්ත්‍රයේ අනාගතයේ දී යොදා ගත හැකි බව පැවසීය.

මෙම කටයුත්ත වෙනුවෙන් සිය ප්‍රශංසාව හිමි කරන බව පැවසූ විපක්ෂ නායකතුමා කැලුම් රාජසිංහ මහතාගේ නව නිෂ්පාදනයට අදාළ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියළු ශක්තිය ලබා දෙන බවද පැවසීය.

මේ වකවානුවේදී ලංකාව බරපතළ ලෙස බලශක්ති අර්බුදයක ගිලී සිටින බවත්, මේ තත්වෙන් ගොඩ ඒම උදෙසා මෙවන් නව නිර්මාණවල වැදගත්කම සුවිශේෂ වෙන බවත් පැවසූ විපක්ෂ නායකතුමා එවැනි කටයුතුවලට දිරිදීම සියලු දෙනාගේ වගකීමක් බවද පැවසීය.