69ලක්ෂයක ජන වරමකින් තේරී පත්වූ ජනාධිපතිවරයෙක් පන්නා දැමීමට තරම් අරගලය ප්‍රබල වූ නමුත් ජනතා අපේක්ෂාවන් තවමත් ඉටු වී නැති බව අද (10) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ නියෝජ්‍ය භාණ්ඩාගාරික හර්ෂණ රාජකරුණා මේ පැවසීය.

අරගල සමයේ බංකර් තුලට වී සැගවී සිටි අය මේ වන විට අරගල කරුවන්ට පාඩමක් ඉගැන්වීමට වෙර දරමින් සිටින බවත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කල පිරිසම තවමත් මුල් පුටු වල ඉන්න බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.