එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

එම පෙත්සම් අද (10) විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බවට චෝදනා කර සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ, මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

ඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවත් ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.