2015 ත්‍රස්ත පන්නයේ මැතිවරණයක් අවසානයේ ඒ සියලු මැර ගර්ජන මැද යහපාලන ආණ්ඩුව බලයට පත් වූ අතර ඒ සමගම බාහු බල්යෙන් දේශපාලනය කිරීම ඉතිහාසයට එක් විය.

එහෙත් රාජපක්ෂ කදවුරට සුපුරුදු ත්‍රාඩ මැර දේශපාලනය නැවත කරලියට පැමිණ තිබේ.

ඒ සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට බියගුලු ප්‍රහාරයක් එල්ල කරමිනි.

අද පෙරවරුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරියේ පිහිට පැමිණි පොහොට්ටුවේ මැර කල්ලිය සිය බිය්ස්ගුලු රංගනය ඉදිරිපත් කළහ.

කාර්යාල ඉදිරිපිට නවතා තිබූ රජයේ වාහන රැසකට අලාභහානී කළ  මෙම කල්ලිය අනතුරුව සමගි ජන බලවේගය ප්‍රධාන කාර්‍යාලයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළහ.

තමන්ට සුපුරුදු ත්‍රාඩ ගති පැවතුම් නැවත කරළියට පැමිණ ඇති පොහොට්ටු මැර කණ්ඩායම්  අනාගත පරාජය පිළිබඳව වියරු වැටී ඇති තරම එයින්ම ප්‍රදර්ශනය වේ.

පෙරේදා සමගි වනිතා බලවේගයෙ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පිරිසක් මිරිහාන පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් ලිපියක් භාර දීමට කටයුතු කිරීමත් එම ස්ථානයේ පැවති සාමකාමී විරෝධතාවයත් ආණ්ඩුවට දරාගත නොහැකි  ලැජ්ජාවටත් සහ පරාජයට හේතුවක් වී තිබේ.

මේ සාමකාමී විරෝධතාවයට සහ ඉල්ලීමට ආන්ඩුවේ කුලී හේවායින් ප්‍රතිචාර දක්වා තිබුණේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස  වට කොට ඇයට තර්ජනය කරමිනි.

ලබන 15 වැනිදා සමගි ජන බලවේගය  කොළඹට ජන ගඟක් කැදවා නොනවතින අරගලයේ ආරම්භ කිරීමට  නියමිතව තිබේ.

එතැන් සිට ගම් මට්ටම දක්වාම විහිදී යන දැවැන්ත යාන්ත්‍රණයක් හරහා ආණ්ඩුවට එරෙහි අරගලය තීව්‍ර කිරීමට සමගි ජන බලවේගය කටයුතු යොදා තිබේ .

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  ඒ දිනවල මූලික වටයේ සාකච්ඡා සියල්ල මේ වන විට අවසන් කොට තිබේ .

ඊට අමතරව ආණ්ඩුව ඇතුළත වූ ද්‍රව වූ ද්‍රව පැනනැගී ඇති ගැටළු හේතුකොටගෙන ගිලෙන නැවෙන් බුරුතුපිටින් පිරිස් පිටතට පනිමින් සිටී .

මේ පරාජයන්ට උත්තර දීගත නොහැකිව සිටින ආණ්ඩුවේ කුලී හේවායන් සිදුකරමින් සිටින්නේ මේ අන්දමේ ගෝත්‍රික ප්‍රහාර එල්ල කිරීම ය .

අදාල ප්‍රහාරය සම්බන්ධව සීසීටීවී දර්ශන ඇතුළු සියල්ල  මේවනවිට සමගි ජන බලවේගය සතුව තිබේ.

අදාල ප්‍රහාරය පිළිබඳව මෙහෙම අඩු වෙන්ටත් සමගි ජන බලවේගය  අදාළ පාර්ශව වෙත පැමිණිලි කොට තිබේ.