රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩි වන විට ඔවුන් නැවතත් සිය සුපුරුදු ක්‍රියාදාමය අනුව කටයුතු කිරීමට සූදානම් වන බවක් දක්නට ලැබෙනවා. 2015 දී වසර 10කට ආසන්න කාලයක් රාජපක්ෂ රෙජිමයට යටත් වී සිටි අප රටේ වෙනසක් ඇති කිරීමට එවක යහපාලන රජය කටයුතු කළ අතර එම යහපාලන කාලයේ දී රට පුරා නිවාස ඉදි කිරීම, ආගමික සංවර්ධනය මෙන් ම පසුගිය වසර 10ක කාලය තුළ රාජපක්ෂවරු ලබා ගත් අතිවිශාල ණය කන්දරාව ගෙවීමට ද සිදු විය. එසේ වුවත් රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කරමින් සිටි යහපාලන රජය බිඳ දැමීමට අවස්ථා කිහිපයක දී රාජපක්ෂවරු උත්සාහ ගත් නමුත් ඒ උත්සාහ අසාර්ථක විය. එහෙත් 2019 ජනාධිපතිවරණය පැමිණිමත් සමඟ එතෙක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටි රාජපක්ෂවරු ජනතාව බොරුවෙන් ව්‍යාජයෙන් අසත්‍යයෙන් ජනතාව අන්දවා ජනාධිපතිවරණයේ ජය තහවරු කර ගැනීමට කටයුතු කළ අතර එහි දී ඔවුන් සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කරමින් ජනාධිපතිවරණයත් මහමැතිවරණය සමයේත් සිදු කළ මඩ ප්‍රචාරවල අසත්‍යභාවය මේ වන විට හෙළි වී අවසන් ය.

සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය

එවක නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් සංස්කෘතික අරමුදලේ තිබූ රුපියල් බිලියන 11කට ආසන්න මුදලක් අවභාවිත කරන ලදැයි 2020 මහමැතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල විය. එවක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විසින් එම මූල්‍ය වංචා සෙවීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුවට විශ්‍රාමික මහ අධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහ, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ හරිගුප්තා රෝහණධීර යන පත් විය. මෙවැනි කමිටුවක් ස්වාධීනව කටයුතු කළ යුතු වුවත් මෙම කමිටුවේ සිටින එක් අයකු රාජපක්ෂ පවුලට හිතෛශී පුද්ගලයකු විය. ඒ නීතිඥ හරිගුප්තා රෝහණධීර ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටි සමයේ ඔහු විසින් කල වැඩසටහන් ආදිය පිළිබඳව කෝප් කමිටුවේදී විමර්ශනය කරන ලදි, ඒ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී කෝප් කමිටු සාමාජික එස් එම් මරික්කාර් මහතා මෙසේ පැවසීය.

කවුද මේ හරිගුප්තා රෝහණධීර කියන්නේ

හරිගුප්තා රෝහණධීර යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන නීති උපදේශක ලෙස වැඩ කළ අයෙකි. ඒ වගේම මොහු 2010 පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයෙකි. දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් සහිත පුද්ගලයෙකි.

හරිගුප්තා රෝහණධීර කමිටු වාර්තාවට මොකද වුණේ

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත පත්වූ මෙම කමිටුව 2020 මහමැතිවරණය ඉලක්ක කර ගෙන අසත්‍ය කරුණු පදනම් කර ගෙන වාර්තාවක් සැකසූ අතර එම වාර්තාව උපයෝගී කර ගෙන දේශපාලන වේදිකාවලත් රජයට හිතෛශී මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙනත් මඩ ප්‍රචාර දියත් කෙරිණි. මෙවැනි මඩ ප්‍රචාර දියත් කළත් පසුගිය සතිය වන තෙක් එම වාර්තාව සකස් කළ කමිටු සාමාජිකයන් අත්සන් කර නොතිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තු සභාගත කිරීමත් සමඟ ඇවිස්සුණු පොහොට්ටු නඩය එම වාර්තාව අත්සන් සහිතව නැවත සභාගත කිරිමට කටයුතු කළේය.

අල්ලස් කොමිසමෙන් ප්‍රතික්ෂේප වූ හරිගුප්තා වාර්තාව

හරිගුප්තා රෝහණධීර වාර්තාව පදනම් කර ගෙන අල්ලස් කොමිසමේ නඩු පැවරීමක් සිදු වුවත් එම නඩු කටයුතු සිදු කර ගෙන යාමට අවශ්‍ය විධිමත් සාක්ෂි නොමැති බව පවසමින් එම නඩු කටයුතු නතර කිරීමට අල්ලස් කොමිසමකට නොහැකි බව පැවසීමට එවක අල්ලස් කොමිසමේ ප්‍රධානීන් කටයුතු කළේය. අල්ලස් කොමිසමේ ලිපිය තුළින් පැහැදිලි වන ආකාරයට මෙම වාර්තාවේ අඩංගු කරුණු සියල්ල සාවද්‍ය වේ.

තවමත් සභාගත නොකරණ වසන්ත ජිනදාස කමිටු වාර්තාව

ඉන්පසුව කෝප් කමිටුවේ සහ කැබින්ට්ටුවේ එකඟතාව පරිදි තවත් කමිටුවක් පත් කරන ලදී. ඒ කමිටුව සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය, පාලක මණ්ඩල රැස්වීම් පැවැත්වීම එයට අගමැතිවරයා සහභාගී නොවීම, අත්සන් ව්‍යාජ භාවය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කර නොමැති බව පවසමිනුයි. ඒ සඳහා විශ්‍රාමික මහ අධිකරණ විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරි ඩබ්ලිව්. පී. ගුණපාල සහ ගණකාධිකාර සේවයේ විශ්‍රාමික එම්. ඩී. වීරකෝන් යනාදීන් මුලික විය.

මෙම කමිටුවේ වාර්තාව මේ වන තෙක් ප්‍රසිද්ධ කිරීමට රජය කටයුතු කර නොමැති අතර ඒයට හේතුව වන්නේ මෙම කමිටු වාර්තාව තුළින් සජිත් ප්‍රේමදාස මහතා කිසිදු වරැද්දක් සිදු නොකරන ලද බවට සාක්ෂි සහිතව සනාථ වීම නිසා ය. එම කමිටු වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත්තේ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් අතර එහි අගමැතිවරයා සහභාගීවූ නැති දිනවකවානු සියල්ල ද සඳහන් වේ. එසේම ව්‍යාජ අත්සන් යැයි නඟපු චෝදනා සියල්ල විද්‍යාත්මක පරීක්ෂණ තුළින් සනාථ කර එම අත්සන් සියල්ල සත්‍ය බවට මෙහි සඳහන් ය. කිසිදු වරදක් නොමැති බව සඳහන් මෙම වාර්තාව රජය සඟවා ගෙන සිටීම පුදුමයට කරුණකි.

ගෝඨා පත් වී එක ලියුමින් වැඩ නැවැත්වූ හැටි

2019 ජනාධිපතිවරණය අවසන් වී දින 10ක් ඇතුළත් නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කරන ලද ලිපියක් තුළින් ඒ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදු කරමින් පැවති සියලු වැඩවලට අදාළ කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් අත්හිටුවන ලෙස නියෝග ඛර තිබේ’. මේ නිසා රජයේ ඉදිකිරීම් ආයතවලට යන මුදල් නොමැති වීමත් සමඟ බිලියන 3.2කට ආසන්න සංවර්ධන කටයුතු ඇන හිටියේය. ඒ යටතේ ස්වාමින්වහන්සේලාගේ ආදාහන පූජෝත්සව සදහ් ලක්ෂ 84ක්, සාහිත්‍ය සහ පෙරහැර සදහා ලක්ෂ 200ක්, දහම් අධ්‍යාපන ආයතන 367කට සිසු දහම් සෙවන සදහා බිලිය 1.1ක්, පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් දේවස්ථාන සදහා මිලියන 115ක්, පාස්කු ප්‍රහාරයෙන් පසු වු ගැටුම්වලින් හානි ඉස්ලාම් දේවස්ථාන සදහා ලක්ෂ 66ක්, දිවයින පුරා බෞද්ධ හින්දු කතෝලික ආගමික ස්ථාන සංවර්ධනයට බිලියන 2ක් දුන්නා. නමුත් ජනාධිපතිවරණයෙන් දින 10ක් තුළ මේ සියල්ල නතර කරනවා.

නැවතත් පොහොට්ටුවෙන් ව්‍යාජ විගණනයක්

මේ සියලු මඩ ව්‍යාපාරවල යථාර්ථය හෙළිදරව් වූ බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිති උපයෝගී කර ගෙන තවත් මඩ ප්‍රචාරයක් ගෙන යාමට ඔවුන් කටයුතු කළේය. සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ පක්ෂයද කිසිදු දූෂණ චෝදනාවකට වැරදිකරු නොවන බවට තීරණය කරමින් පොදු ව්‍යාපාර කාරක සභාව විසින් පත්කරන ලද කමිටුව සහ අල්ලස් කොමිසම විසින් මෑත කාලයේදී සිදුකරන ලද කරුණු සනාථකරණයන් දක්වා මෙම මතභේදාත්මක කාරණයේ මූලාරම්භය දිව යයි. මෙසේ චෝදනාවන්ගෙන් නිදහස් කිරීමත් සමගින් විපක්ෂ නායකවරයාගේ කීර්තා නාමයට හානි කිරීම උදෙසා රජය විසින් ගෙනගිය වැඩ පිළිවෙල තවදුරටත් තීව්‍ර වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවසන එන්. වී. ටී. ධම්මිකගේ නායකත්වයෙන් සිදුකරන ලද අභ්‍යන්තර විගණනයක් ඉස්මතු විය.

කවුද මේ එන්. වී. ටී. ධම්මික කියන්නේ

තුෂාර ධම්මික විතානගේ හෙවත් එන්. වී. ටී. ධම්මක නැමැති පුද්ගලයා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධිත වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ කාරක සභිකයකු වේ. මොහු වී. ආර්. එස්. ක්‍රමය යටතේ සේවය හැර ගිය අයකු ද වේ. එසේ සේවය හැර ගිය අයකුට කිසිදු අවස්ථාවක නැවතත් රාජ්‍ය සේවයට එක්විය නොහැකි ලෙස චක්‍රලේඛයක් ද පැවතියත් එම චක්‍රලේඛ ද උල්ලංඝනය කරමින් පොහොට්ටු වෘත්තීය සමිතියේ බල කිරීම මත කිසිදු සුදුසුකමක්වත් නොමැති මෙම පුද්ගලයා ව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සදහා පත් කරනවා. මේ යුනියන් එකේ ලේකම් කුරේ උප සභාපති චාලුක නිරංජන් 2020 පෙබරවාරි 18 ලියන ලිපියක් මඟින් මොහුව වැඩබලන අභ්‍යන්තර විගණන තනතුරට පත් කරවනවා. එසේ ම 2020 පෙබරවාරි 18 වැනිදා පොදු පෙරමුණ යුනියන් එකේ බලකිරීමේ ප්‍රතිඵල ලෙස 2021 මැයි 5 සිට එන්. වී. ටි. ධම්මික ප්‍රධාන අභ්‍යන්තර විගණන තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සදහා පත් කරනවා.

විගණක තනතුරක වැඩ කිරීමට අවශ්‍ය සුදුසුකම්

එන්. වී. ටී. ධම්මික

විගණක තනතුර

අභ්‍යන්තර හෝ බාහිර විගණන කෙනෙක්ට තිබිය යුතු සුදුසුකම් ටිකක් තිබෙනවා. සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක ආයතනයක හෝ කීර්තිමත් පුද්ගලික ආයතනයක කළමනාකරන මට්ටමේ වසර 12ක පළපුරුද්දක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගත් අදාළ කළමනාකරන වානිජ ක්ෂේත්‍රයේ ප්‍රථම උපාධියක් සහ වරලත් ගණකාධිකාර මණ්ඩලයේ හෝ බි්‍රතාන්‍යයේ පිළිගත් සහතිකයක් තිබිය යුතු යි.

එන්. වී. ටී. ධම්මිකගේ සුදුසුකම්

ඔහු උසස් පෙළ වානිජ සහ මූල්‍ය අසමත්. ඒ. ඒ. ටී. සම්පූර්ණ කරල නැහැ. සුදුසුකම් නැහැ.

එන්. වී. ටී. ධම්මික ලබන වරප්‍රසාද

රාත්‍රි කාලයේ පවා සේවය කිරීමට සිදුවන නිසා දෛනික ප්‍රවාහන පහසුකම් පවා මොහුට හිමි වෙනවා. රාජ්‍ය ඉංජිනෙරු සංස්ථාවේ විගණන වාර්තාව 2022 පෙබරවාරි 28 සකස් කිරීමෙන් පසුව 2022 ජුනි 21 වැනි දින සිට අභ්‍යන්තර විගණන තනතුරේ වැඩ බලන්න උසස්වීමක් පවා හිමි වෙනවා. එසේම 2023 දෙසැම්බර් 31 වැනි දා වන තුරු ඔහුගේ පත්වීම් දීර්ඝ කර තිබේ.

නීති විරෝධී වෘත්තීය සමිති ප්‍රතිචාර

තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරවමින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික නැවත පත්කිරීම උදෙසා රජය විසින් කටයුතු කිරීම තුළ බරපතල නීති ගැටලු රැසක් ඉස්මතු වේ. එවැනි නැවත පත්කිරීම් තහනම් කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝණය කරමින් එන්. වී. ටි. ධම්මිකට නැවත සේවයට පැමිණීමට හැකිවීම වූකලි මෙම ආන්දෝලනාත්මක විගණය වෙනුවෙන් ඔහු වෙත පිරිනමන ලද ත්‍යාගයක් වේ. මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කරන ලද පැමිණිලි මඟින් මෙම තත්ත්වයෙහි බරපතල බව තවදුරටත් අවධාරණය කරවනු ලබයි.

ව්‍යාජ විගණනය සමාජගත කරන්න රාජ්‍ය මාධ්‍ය සහාය

මහින්දානන්ද අලුත්ගමගේ විසින් ස්ථාවර නියෝග සහ වරප්‍රසාදවලට මුවාවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම ව්‍යාජ විගණනය ජනතාව වෙත ගෙන යාමට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය පුවත්පතක් වන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත කටයුතු කර ඇති අතර ඔවුන් සම්පූර්ණ පිටුවක මෙම ව්‍යාජ විගණනය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරමින් මඩ ව්‍යාපාරය තවත් පුළුල් කිරීමට කටයුතු කර තිබේ.

අසත්‍ය චෝදනාවලට එරෙහිව විපක්ෂ නායක නීතිය හමුවට

මෙවැනි අසත්‍ය චෝදනා සඳහා රාජ්‍ය දේපල අවභාවිත කිරීම කූඨ ලේඛන සකස් කිරීම චරිත ඝාතනය යනාදී චෝදනා පදනම් කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නීතියේ පිළිසරණ පැතීමට තීරණය කර තිබේ. පාරදෘශ්‍යභාවය, ආචාර ධාර්මික පාලනය සහ ජනතා සුබසිද්ධිය සඳහා වූ කැපවීම සඳහා ඔහු දක්වන නොසැලෙන අදිටන ඔහුගේ අව්‍යාජත්වය පිළිබඳ සාක්ෂියකි. මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ප්‍රේමදාසයන් විසින් දේශපාලන පළිගැනීම් උදෙසා රාජ්‍ය යාන්ත්‍රණ උපයෝගි කරගැනීම පිළිබඳ සිය බලවත් කම්පනය හා කණගාටුවද ප්‍රකාශ කර ඇත. රටට – ජාතියට සහ එහි පුරවැසියන්ටද සේවය කිරීම උදෙසා වූ සිය නොසැලෙන කැපවීම නැවතත් තහවුරු කරමින් මෙම චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින ඔහු, සාධාරණත්වයට සහ නිසි ක්‍රියාවලියට අනුගත වන ලෙසද ඉල්ලා සිටී.

අවසාන වශයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවශ්‍යතාවට එම පක්ෂයේ වෘත්තීය සමිතියේ වුවමනාවට එන්. වී. ටී. ධම්මික නම් වෘත්තිය සමිති සාමාජිකයාව බලහත්කාරයෙන් කිසිම සුදුසුකමක් නොමැතිව විගණන තනතුරකට පත් කිරිම තුළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ රැසක්ම උල්ලංඝනය කිරීමට පොහොට්ටු වෘත්තීය සමිතිය කටයුතු කර තිබේ. එය සුදුසුකම් ඇති අයකුට ඇති රැකියා අවස්ථාවක් අහිමි කිරීමක් ද වේ. එසේම මෙය හුදෙක්ම චරිත ඝාතනය කිරීමේ අරමුණින් සිදු කරන ලද රාජ්‍ය දේපල පරිහරණයක් ලෙස ද දැක්විය හැකි ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය දේපල අයුතු ලෙස භාවිත කළ බවට වන ව්‍යාජ තොරතුරු සමාජ ගත කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සක් පෙරමුණ හෙවත් පොහොට්ටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් සහ ඊට අනුබල දුන් අනෙකුත් සියලු පාර්ශ්වය රාජ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කර ඇති බැව් මෙම ලිපි තුළින් සනාථ වේ.