ප්‍රාදේශීය සභා වලට තේරී පත්වන සියලු නිලධාරින්ට පොලිටිකල් ඩීල් සංස්කෘතිය නිමා කරන නව නීතිරීති මාලාවක් අද(29) කුරුණෑගලදී පැවති විජයග්‍රහණයේ මංගල රැලියට සහබාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළිදක්වන ලදි.

Code of conduct Charter නමින් ජනගත කල මෙම නීතිරීති මාලාව තුලින් නව දේශපාලන සංස්කෘතියක් රට තුල ස්ථාපිත කරන බවත් ඩීල් දේශපාලන සංස්කෘතිය සහමුලින්ම මුලිනුපුටා දමන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය,

විජයග්‍රහණයේ මංගල රැලිය අමතමින් “මින් ඉදිරියට පලාත්පාලන ආයතන වල මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන්, සභාපතිවරු උප සභාපතිවරුන්ට කොන්ත්‍රාත් තහනම්, ඩීල් ගහපු සංස්කෘතිය අපි සහමුලින්ම ඉවත් කරනවා” යනුවෙන් ද විපක්ෂනායක වරයා පැවසීය