ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාරදුන් දූෂිත ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාවට අනුව අද (09) දින ඒ පිළිබඳව විවාදයක් පැවැත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉවත් කල යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාව.
මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කල අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා විසින් ස්ථිර කරන ලදි.
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙම යෝජනාවට පක්ෂව අදහස් ඉදිරිපත් කල අතර සුළු අමාත්‍යවරුන් පිරිසක් මෙම යෝජනාවට විවෙචනශීලි අදහස් දැක්වූ අතරම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලය විවේචනයට ලක්විය.
ඒ අනුව එම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත්විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව ඒකමතිකව සම්මත වෙයි.
කෙසේ වෙතත් අද පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ඡන්ඳ විමසීමක් පැවැත්වූ අතර පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් 225න් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ අමාත්‍යවරුන් 142ක් පමණි. ඒ අතරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 83ක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 59 පැමිණ සිටි අතර ජාතික ජන බලවේගයේ එකඳු මන්ත්‍රීවරයෙකු මෙම ඡන්ද විමසීමට සහබාගී වුයේ නැත.