අද (21) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මැතිතුමා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
අපි ප්‍රධාන විපක්ෂය විදියට එහි නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග අද තීරණයක් ගත්තා පාර්ලිමේන්තුව වර්ජනය කරන්න. පාර්ලිමේන්තුවේ කතා කරලා අදහස් ඉදිරිපත් කරාට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කිසි කෙනෙක් ඒවට ඇහුම්කන් දෙන්නේ නැහැ. තමන්ගේ න්‍යාය පත්‍රයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ මතවාදය සහ විපක්ෂය නියෝජනය කරන්න මේ රටේ සමස්ත ජනතාවගේ අදහස් එය සමාජගත නොවෙනකොට ඒ හරහා සමාජය ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්න කටයුතු නොකරන කොට ඇයි අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කියන ප්රශ්නය තුළ අපි හිටියා. අපි වැරදිකරුවන් බවට පත්වනවා ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා පාර්ලිමේන්තුවට අපි කොහොමද යන්නේ ඒ කරන වියදම් මොකටද කියලා. ඒ නිසා අපි තීරණය කළා වර්ජනය කරන්න.
අරගලයේ නිර්මාතෘවරු විදියට අපි තමයි මුලින්ම #GotaGoHome කියලා කිව්වෙ ඒ වගේම අපි තමයි ගෝල්ෆේස් එක ළඟට ඇවිත් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව පළවෙනියෙන්ම හරස් කරපු කණ්ඩායම. ඒ හරහා රටේ ප්‍රධාන විපක්ෂය විදිහට අරගලයට පණ දුන්නේ අපේ අරගලය පවත්වාගෙන ගියේ අපි යම්කිසි අවස්ථාවක අවස්ථා වාදයෙන් හරහා බෑ අරගලය යම්කිසි ප්‍රමාණයකින් ස්වාධීනව නිර්පාක්ෂිකව ගියා කියපු ඒක ඒකපාක්ෂික කරගන්න උත්සාහ කිරීම හා රටේ විපර්යාසයක් වෙනසක් කොට ගෝඨා ගෝ හොම් කියල පටන් ගත්ත කාරණය යම් තැනකදී මයිනා ගෝ හොම් වුණා එහිදී රටේ මිනිස්සු දැන් කියන්නෙහි වෙන දෙයක් රටේ මිනිස්සු දැන් මයිනට යන්න කියලා දැන් ගිරවා ගෙනාවා කියලා හැබැයි දැන් මිනිස්සු කියන්නේ මොකක්ද මයිනට යන්න කියලා ගිරවා ගෙනාව කියල දැන් ගිරවාගේන් අහනවා පෙත්ත බත් කෑවද දැන් මොකද කියලා පෙත්තා කියනවා මේ සති දෙක අමාරුයි ඉස්සරහ සති දෙක ඊටත් අමාරුයි කියලා මයිනයි පෙත්තයි දෙන්නම එකයි අපි පෙත්තටත් අවස්ථාව දීලා බැලුවා ප්‍රධාන විපක්ෂය විදිහට අපි කියපු ඉලක්කය සම්පූර්ණ වෙයිද කියලා.