නීති විද්‍යාලයට ප්‍රවේශ වීමේ විභාග ගාස්තු 2023.01.05 දින ගෙන එනු ලැබූ 2313/49 ගැසට් පත්‍රය මගින් ඉතා විශාල ලෙස ඉහල දමා ඇති බවත් එය 257% වැනි ප්රතිශතයක වැඩිවීමක් බවත් විපක්ෂනායකවරයා අද(23) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
මෙය ඉතාමත් දරාගත නොහැකි මුදලක් වන අතර පළමු වසර සිසුන්ට රු67500ක මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් එම මුදල වාරික කිහිපයකට ගෙවිය හැකි නමුත් මෙම මුදල ගෙවීම නීති අද්යාපනය ලබන දරුවන්ට අපහසු තත්වයක් බව විපක්ෂ නායකවරයා පැවසීය.
එපමණක් නොව විභාග ගාස්තුව රු2500කින් ඉහල දමා ඇති අතර විෂයන් 8ක් සදහා එම ගාස්තුව රු20000ක් වන බව පැවසු විපක්ෂනායක වරයා අධිකරණ අමාත්‍යවරයාට කියා සිටියේ මෙම ගාස්තු වැඩිකිරීම කුමන පදනමක් යටතේ සිදුකළේද ? එම ගාස්තු වැඩිකළ යුතු නම් එය ශිෂ්‍ය හිතකාමීව දුදරුවන්ට අපහසුතාවක් නොවන ලෙස වැඩිකළ යුතු බවත්ය. මෙම ගාස්තු වැඩිවීම අත්හිටුවා කිසියම් සමාලෝචනයකින් යුතුව මෙම මුදල පිලිබදව කටයුතු කරන මෙන් විපක්ෂ නායකවරයා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රකාශයට සහය දක්වමින් විමල් විරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ මිට පෙරත් නීති විද්‍යාලයේ දරුවන්ට ඉංග්‍රීසියෙන් පමණක් අධ්‍යාපනය ලබාදීමට ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුල පරාජය කල බවත් විපක්ෂ නායකවරයා කියා සිටි මෙම නීති විද්‍යාල ගාස්තු ඉහල දැමීම ඉතාමත් අසාධාරණ බවත් බමුණු කුලයකට පමණක් නීති අධ්‍යාපනය සීමා කිරීමට කිසිලෙසකින් ඉඩදිය නොහැකි බවත්ය..