පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වා යන පළාත් සභා සඳහා මාස තුනක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කොට ඇත.

අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින 3-2ක් ලෙස බෙදුණු තීන්දුවක් ලබා දුන්නේය.

මීට පෙර ආණ්ඩුව ප්‍රකාශ කොට තිබුණේ මූල්‍ය අර්බූදය හේතුවෙන් මෙම පළාත් මැතිවරණයන් පැවැත්විය නොහැකි බවකි.