ආණ්ඩුවේ අන්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ සංවිධායක චමින්ද ද සිල්වා මහතා විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් අද (11) මිනුවන්ගොඩ නගර මධ්‍යයේදී පැවැත්වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා එම අවස්ථාවේ දී සමගි ජන බලවේගය සමග එක් වීම ද විශේෂත්වයක් වනවා.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ම එක්ව සිටියා.