ආමත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියා හම්බන්තොට මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව ඉදි කරේ ප්‍රධානයක් මගින් බවයි.

එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ එය ප්‍රධානයක් නොවන බවත් කොරියානු ජත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් ඩොලර් මිලයන 20ක ණය ආධාර ලබා ගෙන ඉතිරිය මහා භාණ්ඩාගාරයෙන් යොදා රුපියල් මිලියන 3868ක් වැය කරමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ සමයේ ලංකාවේ ණය ප්‍රමාණය 233% වැඩි කර බවත් 2004 තිබු අපනයන ආදයම 2015 වන විට 14% දක්වා අඩු කර බවය.

මේ සංවාදය ඇති වුයේ අද පාර්ලිමේන්තුවේ දීය .