2022 අයවැය විවාදය සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තුවට සහභාගි නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ අයවැය විවාදය සදහා මුදල් අමාත්‍යවරයා දිනකට අවම වශයෙන් පැයක් හෝ සහභාගි වීම මුදල් අමාත්‍යවරයාගේ යුතුකමක් හා වගකිමක් බවයි .

තවද අයවැය විවාදය සදහා ආණ්ඩුවේ ඇමතිවරු එක් නොවන බව කථානායකවරයාත් පැවසූ බවද මයන්ත දිසානායක මන්ත්‍රීතුමා කියා සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ අයවැය විවාදය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සදහා පිටත් වී ගොස් ඇති බවත් එහිදී ඇති කර ගත් එකගතා හා ගිවිසුම් මොනවා ද? යන්න මෙතෙක් හෙළි නොකර ඇති බැවින් ඒවා පාර්ලිමේන්තුවට හෙළි කරන ලෙස මයන්ත දිසානායක මහාතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

මේ බව කියා සිටියේ අද (08) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .