දැන් මුළු සමාජයටම පැහැදිලිව පේනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තවදුරටත් රජයත් රටත් කරගෙන යන්න හැකියාවක් නැති බව. ඒ නිසා සමාජය දැන් ඉල්ලන්නේ කරුණාකරලා තනතුරෙන් ඉවත් වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රට ගොඩ ගන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. මෙය කාලයක් තිස්සේ රටේ ජනතාවගේ ඉල්ලීම වුණාට රාජපක්ෂ පවුලට බලය අතහැරල යන්න බැරි කමක් තියෙන බව අපිට පේනවා . නමුත් එක පවුලක් නිසා පවුල් ලක්ෂ 50ට කන්න නැති තත්වයක් උදාවෙලා තියෙන බව කවුරුත් දන්නවා. ඒ නිසා කාරුණිකව නැවතත් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තරයේ කියා සිටිනවා තවදුරටත් මේ රට පාලනය කිරීමට ජන සහයෝගයක් නැති බව .ඒ නිසා ඔබ මෙතෙක් ගත්තා වූත් තීරණ සියල්ල අසාර්ථක වෙලා තියෙන බව ඔබ පිළිගත යුතුයි. මේ රට මෙතනින් පල්ලෙහාට තවත් වැටෙන්න දෙන්නේ නැතුව බේරගෙන ගොඩ ගන්න එක රටේ දේශපාලනය කරන සියලුම දෙනාගේ වගකීම බව අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා තමයි සර්වපාක්ෂික කෙටිකාලීන අන්තර් පාලන ක්‍රියාවලියක් හරහා ඔබගේ ඉවත්වීමෙන් මේ රට ගොඩ ගන්න හැකියාව සහ ඒ අවස්ථාව සර්ව පාක්ෂික ආණ්ඩුවකට ලබා දෙන්න කියන එක මූලික ඉල්ලීමයි.

පොලීසිය මේ අවස්ථාවේදී මහජනතාව කෙරෙහි දක්වන ප්‍රතිචාර ගැන අපට කිසිසේත්ම සතුටු වෙන්න බැහැ. අපි කවුරුත් දන්නවා පැය ගණන් දවස් ගණන් මිනිස්සු ඩීසල් පෙට්‍රල් භුමිතෙල් පෝලිමේ ඉන්නවා ඒ මිනිස්සුන්ට තියෙන ආතතිය පිළිබඳව කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි. ඒ නිසා යම්කිසි පොඩි දෙයක් උළුප්පලා ලොකු විදියට අරගෙන පොලිසිය විසින් ජනතාව පීඩනයට ලක් කරන ආකාරය ගහන විදිය තුවක්කු ඇදලා එලියට ගන්න එක අපි සමාජ මාධ්‍ය වීඩියෝ වලින් දැක්කා. ඒක කිසිසේත්ම අනුමත කරන්න බැහැ කරුණාකර පොලීසිය ජනතාවට හිරිහැර කරන්න එපා. මොකද ජනතාවක් කුපිත වෙලා ඉන්නේ ඔවුන්ට යන එන මං නැතුව කන්න බොන්න නැතුව ඉන්නේ පෝලිමේ ඉන්න අයෙක් රුපියල් පන්දාහක් අරගෙන එනවා නමුත් පැය 18, 12, 24 ඉන්නකොට පෝලිමේ ඉදලම රුපියල් දෙදහස් පන්සියයක් ඉවර වෙනවා .කන්න තැනක් නෑ අන්තිමට රුපියල් පන්දාහක් පෙට්ට්‍රල් ඩීසල් ගහන්න අරන් ආවම රුපියල් තුන්දාහයි ඉතුරු වෙන්නේ ඉතුරු වේවා නාස්ති වෙලා පෝලිමේ ඉඳලා. ඒ නිසා කරුණා කරලා තේරුම් ගන්න ජනතාවගේ පීඩනය අපි දැක්කම මුලතිව් ප්‍රදේශයේ ආමි එකෙන් අහසට වෙඩි තියලා තියෙනවා. හමුදාව අහසට වෙඩි තියන තත්ත්වයට එනවා කියන්නේ ඉතාමත්ම නරක තැනකට සමාජ ව්‍යසනයක් ගමන් කරනවා. ඒ නිසා කරුණාකරලා මේ රට සම්පූර්ණම විනාශ වෙන්න කලින් සර්වපාක්ෂික කෙටිකාලීන අන්තර් පාලනයකට මේ රට බාර දෙන්න කියන ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා.

පසුගියදා අගමැති තුමා අපිට සාකච්ඡාවකට කැඳවා තිබුණා එහිදී ඉරාන් වික්‍රමරත්න ,මමත් පි ගියා .එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලි කිරීමක් කරා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව .ඒ සම්බන්ධයෙන් අපි අදහස් දැක්වූවා එහි අගමැතිවරයා ගේ ඉල්ලීම වුණේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් රජයේ වියදම කොහොමද අපි අඩු කරගන්නේ කියන එක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා අවශ්‍ය සහයෝගය කොහොමද ලබා ගන්නේ කියන එක. එහිදී අපි දකිනවා අඩු කිරීමට තියෙන හැකියාව ඉතාමත්ම අඩුයි මොකද ආදායම රුපියල් ට්‍රිලියන එක හමාරක් වෙනකොට වර්ධන වියදම ට්‍රිලියන දෙකහමාරයි මුළු වියදම රුපියල් ට්‍රිලියන තුනහමාරක් එතකොට කපන්නේ කොහෙන්ද පොලී ගෙවන්න 72% යනවා පඩි ගෙවන්න 60% ක පමණ ප්‍රමාණයක් යනවා pension සහනාධාර ගෙවන්න තවත් අධික ප්‍රමාණයක් යනවා එහිදී සම්පූර්ණ ආදායම මදි වෙනවා අත්‍යවශ්‍ය වියදම් ටික කරන්න .විශාල ලෙස ආදායම කපා හරින්න බැරි තත්ත්වයට ආණ්ඩුව හිර වෙලා එයට අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ගේන්න සිද්ද වෙනවා. එහිදී මගේ මූලික අදහස වුණේ මේ ප්‍රශ්නේ මූලිකව ගොඩ එන්න නම් අපේ රට සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න ඕන කියන එක ඒක අපි දා ඉඳන් කිව්වා රට වටේට තියෙන තාප්ප ටික බිඳලා දාලා මේ රටෙන් ලෝකෙට පාලම් බඳින්න ඕන.

එදා ප්‍රේමදාස මහත්තයා ගේ අභාවයෙන් පස්සේ තිබිච්ච කර්මාන්තම තමයි අදත් තියෙන්නේ අවුරුදු 30කට කිට්ටුයි එතකොට මේ මතවාදය මොකක්ද තිබුනේ දේශීය කර්මාන්ත ගොඩනඟලා දේශීය වශයෙන් රට ශක්තිමත් කරන්න හැකියාවක් තියෙනවා කියලා. දේශීය කර්මාන්තය ගොඩනගනවා කියන්නේ විදේශීය වෙළෙඳපොළ අල්ල ගන්නවා කියන එක පිළිබඳව ඔවුන්ගේ මතවාදය නැහැ .අපි එදා ප්‍රේමදාස මහත්තයාගේ කාලේ පටන් ගත් ඇඟලුම් කර්මාන්ත 200න් පස්සේ අපිත් එක්ක තරග කරපු රටවල් ඊට පස්සේ මොනවද කළේ .පොඩි ටොයිස් හදන්න ගත්තා රේඩියෝ හැදුවා computer හැදුවා ඉලෙක්ට්‍රොනික් වලට ගියා දැන් දුරකථන හදනවා දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණ නිෂ්පාදන හදනවා අපි තවමත් ෂර්ට් මහනවා එතකොට අවුරුදු දෙහෙකට කෙට්ටුවෙන කාලයක් තිස්සේ අනිත් රටවල් ලෝකයේ වෙළෙඳපොළ ජයග්‍රහණය කරලා තාක්ෂණික ඉහළ භාණ්ඩ නිෂ්පාදනය හදලා ගෝලීය නිෂ්පාදන ජාල වලට එකතු වෙනකොට අපි කරේ තාප්ප බැදගෙන වෙළඳ ගිවිසුම් අස්සන් කරන එකට විරුද්ධව උද්ඝෝෂණ කරගෙන රාජ්‍ය අනුග්‍රහය හරහා ගජමිතුරු ධනවාදය අල්ලගෙන හතර පස් දෙනෙක් ට දියුණුවෙන්න අවස්ථාව ලබා දීලා රට ඩොලර් උපයා ගැනීමේ මාර්ග වලින් ඉවත් කරගත්තා. අපිට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් අපි කළ යුත්තේ ජාත්‍යන්තර වෙළෙඳ සහ අයෝජන ප්‍රතිපත්ති සංස්කරණය කරන්න ඕන .අපි ආයෝජන ගෙනල්ලා ඒ ආයෝජන ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉල්ලුමට සරිලන නිෂ්පාදනය කරන දේවල් වලට ආයෝජනය කරන්න ඕන .කොච්චර building ගැහුවත් පිටරට ඩොලර් ගෙනල්ලා ඇති වැඩක් නෑ. ඒවා ගෙනල්ලා කරන්න ඕන පිටරට ඉල්ලුමක් තියෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්න ආයෝජනය කරන එක. එහිදී ත්‍රී විලර් පෝලිමේ ඉන්න අය රුපියල් උපයනවා වෙනුවට ඩොලර් උපයන්න හැකියාවක් ලැබෙනවා.එම යෝජනාව මම ඉදිරිපත් කලත් ඔහු සමග ඉන්න කණ්ඩායම කැමති වෙයිද යන්න ප්‍රශ්නයක් තියෙනවා මොකද සිංගප්පුරු වෙලද ගිවිසුමට එරහිව දැඩිව මා සමග තර්ක කරපු අය අගමැතිතුමාගේ ළඟ එදා හිටියේ.

2023 මාර්තු මාසේ ජනාධිපතිවරයාට මැතිවරණයක් කතා කරන්න පුළුවන් මෙතන විසඳුමක් නැත්නම් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මාර්තු මාසේ ඡන්දයකට යන්න පුළුවන් .එතනින් වත් විසදුමක් මේකට ලබාගන්න පුළුවන් නම් ජන මතයට අනුව ආණ්ඩුවක් හදාගන්න මැතිවරණයකට යන්න පුළුවන්. සමහරු කියනවා ඡන්දයකට මුදල් පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා අකුරේගොඩ ඩිෆෙන්ස් එකට මේ අවුරුද්දේ බිල්ඩින් එකට විතරක් රුපියල් බිලියන 12 ක් වියදම් කරනවා නම් ඡන්දයක් කරනවට වැඩිය දෙගුණයක්. මුදල ගැන නෙමෙයි මෙතන අවධානය යොමුවිය යුත්තේ අපි හිර වෙලා ඉන්න මේ හිර විල්ලෙන් ගොඩ එන්න ක්‍රමයක් ඇත්තේම නැත්නම් අවසානය විකල්පය හැටියට ඡන්දයකට යන්න පුළුවන්. එයට යන වියදම පිළිබඳව සමහරුන්ගේ වැරදි මතයක් සමාජගත වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව සම්පූර්ණම අසාර්ථකයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජය සම්පූර්ණම අසාර්ථකයි .21වැනි ව්‍යවස්ථාව ගේන පාටක් නැහැ .වෙච්ච පොරොන්දු කිසි දෙයක් රනිල් වික්‍රමසිංහ රජයට කරගන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් බෑ. ජාත්‍යන්තර මාධ්‍යට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියනවා එයාට යන්න බැහැ දිගටම ඉන්නවා කියලා . එතකොට මොකක්ද මෙතන තියෙන්නේ . කොහොමද මෙතතින් එළියට එන්නේ තමන්ට ඕන කට්ටිය තැන් තැන්වලින් අරගෙන නිර්පාක්ෂික ආණ්ඩුවක් කියලා මොකක්ද එකක් හදාගෙන තියෙනවා ඒක විසඳුමක් නෙමෙයි .නැවත නැවතත් අපි කියන්නේ මෙතනින් ඉවත් වෙලා අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් common minimam program එකක් එක්ක තමන්ට ඕන දේවල් කරන්න නෙමෙයි. මේ දේශපාලන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නිශ්චිත කෙටිකාලීන අවම වැඩපිළිවෙලකට යන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් එතන තමයි අපිට පේන විදිහට ජාත්‍යන්තර සහ දේශීය විශ්වාසයක් ගොඩනැගෙන්නේ රජයට .දේශීය විශ්වාසයක් නැතුව කිසි දෙයක් කරගන්න බැහැ .ඉස්සෙල්ලා අපේ මිනිස්සුන්ට අපේ ආණ්ඩුව ගැන විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම එකක් දැන් නැහැ කිසි කෙනෙක්ට ආණ්ඩුව පිළිබඳව ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසයක් පිළිගැනීමක් නැහැ .රටක එහෙම පිළිගැනීමක් නැතුව ආණ්ඩුවකට යන්න බැහැ .ජාත්‍යන්තර පිළිගැනීමකුත් නැහැ එහෙම නැතුව අද ජාත්‍යන්තරයත් එක්ක තමයි අපේ ගනුදෙනුව තියෙන්නේ. අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගන්න ජාත්‍යන්තර ගනුදෙනුවක් තියෙන්න ඕන .චීනය ජපානය සහ අපිට ණය දීපු පුද්ගලික පාර්ශවකරුවන් සමග ජාත්‍යන්තර ගනුදෙනුවක් තියෙන්නේ. UN එක ජිනීවා එක සමග ජාත්‍යන්තර ගනුදෙනුවක් තියෙන්නේ .IMF එකත් එක්ක ජාත්‍යන්තර ගනුදෙනුවක් තියෙන්නේ. එසේනම් දේශීය පිළිගැනීමකුත් නැත්නම් ජාත්‍යන්තර පිළිගැනීමකුත් නැත්නම් මේ රට වලපල්ලටම තමයි තමයි යන්නේ. කරුණාකරලා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගන්න පුළුවන් කෙටිකාලීන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවම වැඩ පෙළ වැඩපිළිවෙළට යන්න ඊට පස්සේ ඡන්දයකට යන්න.

ආර්ථික අර්බුදයයි දේශපාලන අර්බුදයයි දෙකම එකට වෙලිලා තියෙන්නේ සමහරු විශ්වාස කරනවා මේක ආර්ථික අර්බුදයක් විතරයි දේශපාලන අර්බුදයක් නැහැ කියලා දෙකම එකට තියෙන්නේ මේ දෙකම එකට විසඳන්න ඕන ප්‍රශ්න දෙකක් තියෙන්නේ. අගමැතිවරයා කියන්නේ ජනාධිපතිවරයාගේ යටතේ ඉන්න නියෝජිතයා තවම අගමැතිවරයාට බලයක් නැහැ ජනාධිපතිවරයා කියන්න එකක් අගමැතිවරයා කියන්නේ තව එකක් ඒ නිසා තමයි අපි 21 වන ව්‍යවස්ථා සංශෝධනය රංජිත් මද්දුමබණ්ඩාර අපේ මහලේකම් තමා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ සතියේ ලැබෙනවා එතකොට සමහර ව්‍යවස්ථා සංශෝධන වලට ජනමත විචාරණයකට යන්න වෙනවා. අනිත් ඒවට ජනමත විචාරණයට යන්න ඕන නැහැ දැන් ආණ්ඩුව ඉදිරිපත් කරනවා කියන විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය අපි දැකලවත් නැහැ. එය තාම කැබිනට් එකේ වත් ඒක අනුමත වෙලා නැහැ .හැබැයි අපි ඉදිරිපත් කරලා තියෙන විසිඑක් වන විවස්තා සංශෝධනය සාකච්ඡා කරලා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගලයින් නඩු ඉදිරිපත් කරලාඒ නඩුවල තීරණය හෙට අනිද්දා ඉන්න තියෙනවා එතකොට අපට ඉදිරියෙන් ම තියෙන්නේ අපි ඉදිරිපත් කරපු විසි එක් වන විවස්තා සංශෝධන එක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්.