දඹදෙණිය ආසනයේ සමගි වනිතා බලමණ්ඩලය සාර්ථකව ඊයේ(07) දින දඹදෙණිය සංවර්ධන පදනම් ආයතනයේදී පැවැත්විණි.
මේ සදහා පක්ෂය නියෝජනය කරමින් පා.ම. තුෂාර ඉදුනිල් මැතිතුමා, පා.ම. වසන්ත යාපා බණ්ඩාර, හිටපු පා.ම. චන්දිම මහින්දසෝම, නීතිඥ ලිහිණි ප්‍රනාන්දු, මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර මහත්මිය හා ප්රියන්සලා වාසලවැව මහත්මිය ඇතුලු පිරිසක්ද සහභාගි විය.
දඹදෙණිය ආසන සංවිධායක නිලන්ත හේරත් මහතා විසින් ක්‍රියාත්මක නිලන්ත හේරත් ජනසෙත පදනමේ ” දිරි ලිය ” වැඩසටහන මගින් ආසනයේ කාන්තාවන්ගේ ආර්ථික උසස් කරලීම සදහා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් පවතී.
තවද මෙම බලමණ්ඩලයේදී නව ව්‍යාපෘතියක් ලෙස ස්වයං රැකියා අංශ 11ක් ඔස්සේ කාන්තාවන් යොමු කරමින් පවුලේ ආර්ථික ශක්තියට යම් සහයක් ලබා දීමට අවස්ථාව සලසා දුනි.