හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තෙවන වරටත් ලබාදී තිබූ සේවා දිගුව පසුගිය සෙනසුරාදා (25) දින් අවසන් වුණා.

එසේ සේවා දිගුව අවසන් වූ සී.ඩී වික්‍රමරත්න මහතා විසින් තමා විශ්‍රාම යන බව දැනුම් දීමත් සමඟ මේවන තෙක් පොලිස්පතිවරයකු පත් කිරීමක් සිදු වූයේ නැහැ.

පොලිස්පති ධූරය සඳහා සුදුස්සන් තෝරාගැනීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අතර මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වුණා.

කෙසේවුවත් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට පොලිස්පතිවරයා ලෙසෙ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර ඇති බවයි.

ඒ අනුව නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කරනු ඇති බවත් මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.