රටේ තරුණ පිරිස දැඩි කලකිරීමෙන් රට හැර යාමේ තත්වයක් මතුවීම ශ්‍රම බලකාය හීන වී මෙරට නිශ්පාදන ආර්ථිකයට අනාගතයේ දැඩි බලපෑමක් ඇතිකරනු ඇති බවට අක්මීමන සමගි තරුණ බලවේගයේ ලේකම් ධනංජය ජයසුන්දර පවසයි.

ඒ මහතා මේ අදහස් ඵලකරේ පසුගියදා පැවති අක්මීමන සමගි තරුණ බලාණ්ඩලයේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහ කලේ තරුණයාට විශ්වාසනීය අනාගතයක් නිර්මාණය කලයුතු බවත් අද වැඩිවශයෙන් තරුණ තරුණියන් පෝලින් වල දවස ගතකරන බවත්ය.
මෙවර සිංහල අවුරුද්දට ජනතාව පෝලිම් වලට හිරකර රජය රට විකුණා දැමීමේ අවධානාක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.