රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනක්‍රමයක් ඉල්ලා මේ රටේ තරුණයින් විසින් මාස කිහිපයක සිට ගෙන යනු ලබන තරුණ අරගලය කෙරෙහි පාරිලිමෙන්තුවෙ සැලකිය යුතු අවදානයක් මේ වන විටත් යොමු වී නොමැති බවත්, ඒ නිසා තරූණයන් තුළ ඉච්ඡභංගත්වයක් ඇති වී මීට දශක 3කට පෙර රට තුල පැවති තරුණ නැගිටීම වැනි සිදුවීම් සිදුවිය හැකි හෙයින් මේ සම්බන්දයෙන් පාර්ලිමෙන්තුවේ ප්‍රමුබ්ක අවධානය යොමු විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වර්තමාන පාර්ලිමේන්තුව තුල තරුණ නියෝජනය 5% ක ප්‍රතිශතයක්වත් නොමැති බවත් ඉදිරියේදී ප්‍රාදේශීය සභා පලාත් සභා ඇතුළු ජනතා නියෝජිතයන් සිටින කවර හෝ ස්ථානයක තරුණ නියෝජනය වැඩි කල යුතු බව ඒ මහතා පැවසීය.

පාරිලිමෙන්තු මැතිවරණ පනත, පලාත්පාලන ආයතන මැතිවරණ ආඥා පනත, සංශෝධනය සදහා වන පනත් කෙටුම්පත් 3ක් ඉයේ(6) පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරමින් ඉමිතියාස් බාකීර් මාකර් මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුර තොරතුරු සදහා පහත වීඩියෝව නරඹන්න