සහල්, ඖෂධ සහ සිමින්ති ආනයනය සදහා පකිස්ථානයෙන් ඩොලර් මිලියන දෙසීයක ණයක් ලබාගැනීමට ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පකිස්ථානයට ගොස් ඇති අතර රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා අදාල භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

මෙම ණය පහසුකම ලබාගැනීම සදහා වන ගිවිසුම් වෙළද අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. එම ගිවිසුම සදහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවීමෙන් පසුව අදාල ණය ලබාගැනීම සදහා වන ඉදිරි වැඩ කටයුතු සිදුකිරීමට නියමිතය.