හොර ආණ්ඩුවවත් එක්ක හෝ හොර ආණ්ඩුවේ කොටස්කාරයෝ එක්ක ගිවිසුම් ගහන්නේ නැති බවත් අන්තර්කාලීන ප්‍රෝඩාවට හසු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නූල් සූත්තර දේශපාලනය, රූකඩ දේශපාලනය සමගි ජන බලවේගය ට ඔබින්නේ නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, රට විනාශකරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක තමන්ට ගනුදෙනු නැතැයිද පැවසීය රට ගොඩනගන්නට තමන් සූදානම් වන්නේ ජනතාව ලබා දෙන ජනතා ආශිර්වාදයෙන් බව කී විපක්ෂ නායකතුමා පවුල්වාදී බඩගෝස්තරවාදී යුගය අවසන් කරන බවද පැවසීය.

සමගි ජන බලවේගයේ  මැයි දින රැලිය අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවතියේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙනි.

බොරැල්ල කැම්බල් පිටියේ සිට ආරම්භ වූ පෙළපාලිය නිදහස් චතුරශ්‍රයට පැමිණෙන විට පස්වරු තුන පමණ වූ අතර පැමිණි ජනකායෙන් ප්‍රදේශය අතුරු සිදුරු නැතිව පිරී ගියේය. ඉන් අනතුරුව මැයි රැළිය ආරම්භ වූයේ විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.