ප්‍රථමයෙන් ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ඒ, ඊයේ (18) පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන අතර වර්තමානයේ පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් ඉතා කඩිනමින් අවසන් කරන ලෙසට ද උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව අද දිනයේදී ආරම්භ වන කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීම සදහා දින තුනක් ලබා දීමට ජනාධිපතිවරයා අද දිනයේ එකගතාව පළ කොට තිබෙන බව වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව දැනුම් දී තිබෙන්නේ ඊයේ (18) පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

අවසන් වතාවට පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය විසින් දින 3ක විවාදයක් ඉල්ලා සිටියද ආණ්ඩු පක්ෂය එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සදහා දින 2ක් පමණක් ලබා දිය හැකි බවකි.

ඒ අනුව දින 2ක විවාදයක් ඒ සදහා වෙන් වී තිබුණා.

කෙසේවෙතත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබීමට දින නියමවී තිබුණද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඇමැතිවරුන් 15 දෙනකු පමණ විදෙස්ගතව සිටින බවද දැනගන්නට තිබේ.