ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු සමග ඩීල් දාන පිරිසක් එකතු කර ගනිම්න් සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා කටයුතු කරමීන් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි

වැඩි දුරටත් කියා සිටියේ ,

“මෙරට ඉතිහාසයේ කවදාවත් මෙවැනි තත්ත්වයකට පත්වෙලා නැහැ මේ රටේ ජනතාව ආණ්ඩුවට කොච්චර විරුද්ධව කටයුතු කරනවා දැක්කෙ වුවොත් අර්බුදය කොච්චර උඩ ගිහින් තියෙනවද කිව්වොත් ජනාධිපතිගෙ නිවසක් මේ රටේ කාන්තාවන් වටලනවා ජනාධිපති මන්දිරය දෙපාරක් දෙසරයක් වැටලුවා මම අහනව ජනාධිපතිවරයා අද උත්සාහ කරනවා තමන් එක්ක ඩීල් දාන පිරිසක් එක්ක සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා කටයුතු කරනවා කවුද ඉන්නේ නඩුහබ වලින් බේරෙන්න බැරි උදවිය මේකෙ ඉන්නෙ තමන්ට චෝදනා එල්ල වෙච්ච උදවිය ජනතාව ප්‍රතික්ෂේප කරපු උදවිය නමුත් අද අපි විරුද්ධ පක්ෂය විදිහට ප්‍රධාන බලවේගය විදිහට අපි කණ්ඩායම් කිහිපයක් මේක වර්ජනය කළේ ජනාධිපතිත් මේ රජය මේවා විසඳන්න කිසිම ක්‍රියාමාර්ගයක් හෝ වැඩ පිළිවෙලක් නැති නිසා.

මේ රටේ කවද්ද පෝලිම් වල ජනතාව මැරුණේ දැනට හතර දෙනෙක් මැරිලා මේ අය අසනීප නිසා නෙමෙයි පෝලිම්වල ඉඳලා තමන්ගේ ආතතිය දරාගන්න බැරිව. ඩීසල් පෙට්රල් පෝලිම් වල හතර දෙනෙක් මැරනකොට ආණ්ඩුව අඩුම තරමේ කණගාටුව වත් ප්‍රකාශ කරලා නැහැ අඩුම තරමේ ආණ්ඩුවේ නියෝජිතයින් ඒ ගෙවල් වලට යන්න බයයි අද රට කොයි තත්වයට පත්වෙලා තියෙනව ද කිව්වොත් මන්ත්‍රීවරයෙක් වාහනයකින් පාරේ යන්න බැරි තත්ත්වයට මේ ආණ්ඩුව රට පත් කරලා ආණ්ඩුවට කියනවා එහෙනම් මන්ත්‍රීවරුන්ගේ ජීප් වලට ගහන මං මන්ත්‍රීවරුන්ට ඔහු කියනවා නම් අගමැතිට ජනාධිපතිට හෝ කියල මන්දිරයේ වට නම් අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදීව වහාම අස්වෙන්න කියලා ඉල්ලා සිටිනවා ” බව ද, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්ය .